Connect with us

Uncategorized

20 ඡන්දය අනිද්දා.. ගම්මන්පිලගෙන් ජනපතිට තීරණාත්මක ලිපියක්..

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විසිවන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් සිය ස්ථාවරය දක්වමින් පිවිතුරු හෙළ උරුමය විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යොමු කර තිබේ.

සියලුම ජනමාධ්‍ය වෙත පිටපත් සහිතව එම පක්ෂ මහලේකම්වරයා විසින් යොමු කර ඇති එම ලිපිය මෙහි දැක්වෙයි.

2020 ඔක්තෝබර් 19 දින

අතිගරු ජනාධිපතිතුමා
ජනාධිපති ලේකම් කාර්යාලය
කොළඹ 1

අතිගරු ජනාධිපතිතුමනි

විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ පක්ෂ ස්ථාවරය

විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ 2020 ඔක්තෝබර් 21 සහ 22 දිනයන්හි පාර්ලිමේන්තුවේ දී විවාද කර ඡන්දය විමසීමට නියමිතය.

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ජනාධිපතිට ජනතාව විසින් ලබා දෙන විධායක බලයෙන් සැලකිය යුතු කොටසක් අගමැතිට සහ කතානායකගේ සභාපතිත්වයෙන් යුත් ව්‍යවස්ථාදායක සභාවට ලබා දීමෙන් හිස් තුනක පක්ෂියෙකු බඳු රාජ්‍යයක් නිර්මාණය වී ඇත. පසුගිය ආණ්ඩුව අසාර්ථක වීමට බල පෑ ප්‍රධානතම කරුණ වූයේ එයයි. 2020 පාර්ලිමේන්තු මැතිවරණයේ දී 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වෙනස් කළ හැකි ජනවරමක් අප ඉල්ලා සිටියේ එබැවිනි. ඒ අනුව ප්‍රතිපත්තියක් ලෙස අප විසි වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂ නමුත් එහි බරපතල සංශෝධන කිහිපයකට ලක් කළ යුතු බව පක්ෂ ස්ථාවරයයි.

විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ නිර්ණය මේ වන විට ප්‍රසිද්ධ කිරීමට නියමිතය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරන පනත් කෙටුම්පතක් පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විමසා බලන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන වගන්තියේ සඳහන් ජනමත විචාරණයකට තුඩු දෙන වගන්ති උල්ලංඝණය වෙනවා ද යන සීමිත කරුණ පමණි. එබැවින් 20 වන සංශෝධනයේ අඩංගු කරුණු වල දේශපාලන සහ සමාජ බලපෑම පිළිබඳ සංවාදය තව දුරටත් ඉදිරියට ගෙන යා යුතු බව අපගේ අදහසයි.

විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අඩංගු කරුණු පිළිබඳ පක්ෂයේ ස්ථාවරය පක්ෂයේ නායක බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මැතිතුමා විසින් ඇමති මණ්ඩලයේ දී ද ඔබතුමා සමග පෞද්ගලිකව ද විසිවන සංශෝධනය පිළිබඳ අගමැතිතුමා පත් කළ කමිටුවේ සාමාජිකයෙකු ලෙස එහි දී ද දැන් වූ බව පක්ෂයට වාර්තා කර ඇත. නීතිපතිතුමා හරහා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරමින් කමිටු අවස්ථාවේ කරන බවට දක්වා ඇති සංශෝධන වලින් නොවිසඳුණු ජාතික ආරක්ෂාවට මෙන්ම ජනතාවගේ අයිතිවාසිකම් වලට ද බලපාන ප්‍රධාන කරුණු පිළිබඳ පක්ෂයේ මතය අපි මතු දක්වා සිටිමු.

  1. හදිසි පනත් සම්මත කිරීම

ගැසට් මගින් පනත් කෙටුම්පත් ප්‍රසිද්ධ නොකර හදිසි පනත් සම්මත කිරීමට විධිවිධාන යෝජනා කිරීම මහජනතාවට එකී පනත් කෙටුම්පත් පිළිබඳ අදහස් දැක්වීමට අවස්ථාව අහිමි කිරීමක් පමණක් නොව එහි අඩංගු ව්‍යවස්ථා විරෝධි විධිවිධාන ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කිරීමට ද අවස්ථාව අහිමි කිරීමකි. ජේ ආර් ජයර්වධන ජනපතිතුමා 1987 දී දැවැන්ත ජනතා විරෝධයක් මැද 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවේ ද චන්ද්‍රිකා ජනාධිපතිතුමිය විසින් 2000 දී පෙඩරල් ව්‍යවස්ථාව ගෙන ආවේ ද මෙම වගන්තියට මුවා වෙමිනි. ජාතියට තීරණාත්මක පනත් කෙටුම්පත් හදිසි පනත් ලෙස ගෙනැවිත් ජනතාවට ඒ පිළිබඳ අදහස් දැක්වීමට ඇති අවස්ථාව අහිමි කිරීමේ අප්‍රසන්න ඉතිහාසයක් ඇති බව මෙහි දී සිහිපත් කළ යුතුය.

  1. රාජ්‍ය සමාගම් විගණනය කිරීමට විගණකාධිපති සතු බලතල අහෝසි කිරීම

ශ්‍රී ලන්කන් එයාර් ලයින්ස් සමාගම විසින් අවස්ථා ගණනාවක දී එයාර් බස් මිළ දී ගැනීමේ දී ප්‍රකෝටි ගණනක වංචාවක් සිදු වී ඇති බව පාර්්ලිමේන්තු කෝප් කමිටුව ඉදිරියේ හෙලිදරව් වූයේ විගණකාධිපතිගේ විගණනය මගිනි. එබැවින් මහජන මුදල් 50%ට වඩා යොදවා ඇති ඕනෑම ආයතනයක් විගණනය කිරීමේ බලය විගණකාධිපති සතු විය යුතුය. එය කොමිෂන් සභා සම්බන්ධයෙන් ද අදාළය.

  1. ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සහ ජනාධිපති වීමට අවස්ථාව සැලසීම

ඔස්ට්‍රේලියාවේ ජනගහනයෙන් 97%ක් සැකසී ඇත්තේ පසුගිය වසර 200 තුල එරටට සංක්‍රමණය වුණු ජනතාවගෙනි. නමුත් එරට පවා ද්විත්ව පුරවැසියන්ට දේශපාලන තනතුරු දැරීමට අවස්ථාවක් ලබා නොදෙයි. ලොව බොහෝ රටවල ද එම නීතිමය සීමාව දැකිය හැක. එකී නීතිය පසුගිය ආණ්ඩුව ගෙන ආවේ රාජපක්ෂ පවුල ඉලක්ක කරගෙන ද්වේශ සහගත චේතනාවෙන් වුවද එය සාධනීය පියවරක් ලෙස අපි දකිමු. යම් ජනාධිපතිවරයෙකුගේ හෝ ඇමතිවරයෙකුගේ පක්ෂපාතිත්වය රටවල් දෙකක් අතර බෙදී ඇත්නම් එකී රට සමග ගනුදෙනු කිරීමේ දී ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් අවංකව පෙනී සිටීදැයි යන සාධාරණ සැකයක් ජනතාවට ඇති වනු ඇත.

  1. ඇමතිවරුන් ගණනට ඇති සීමාව ඉවත් කිරීම

නිදහසින් පසු ක්‍රමයෙන් ඇමතිවරුන් ගණන වැඩි වී අවසානයේ දී ඇමතිවරු ගණන 94 දක්වා ඉහළ නැගුණු බව ඔබතුමා ද දනියි. මේ පිළිබඳ සමාජයේ මතු වුණු දැවැන්ත විරෝධය හේතුවෙන් 19 වන සංශෝධනය මගින් ඇමති මණ්ඩලයේ සාමාජික සංඛ්‍යාව 30කට ද සහ ඇමති මණ්ඩල සාමාජිකයින් නොවන ඇමතිවරුන් සහ නියෝජ්‍ය ඇමතිවරුන් ගණන 40කට ද සීමා කරන ලදී. එකී සීමාව ඉවත් කිරීම මගින් මහජන මුදල් නාස්තියක් මෙන්ම තමන්ව ඇමති මණ්ඩලයට පත් කරන මෙන් ඇමති මණ්ඩලයේ නොසිටින මැති ඇමතිවරුන්ගෙන් ඔබතුමාට පීඩනයක් ඇති කිරීම ද සිදුවිය හැක.

ඔබතුමාට ඇමතිවරුන් 30ක් පත් කිරීමට අවස්ථාව තිබිය දී පළමු අවස්ථාවේ දී ඇමති මණ්ඩලය 16කට ද දෙවන අවස්ථාවේ 28කට ද සීමා කිරීමෙන් ජාතියට මහඟු ආදර්ශයක් ලබා දී ඇත. නමුත් මෙකී ව්‍යවස්ථාමය විධිවිධාන ඔබතුමාගේ කාලයෙන් අවසන් නොවේ. ඔස්ට්‍රේලියානු ව්‍යවස්ථාව වසර 119ක් ද ඇමෙරිකානු එක්සත් ජනපද ව්‍යවස්ථාව වසර 231ක් ද තිස්සේ පවතින බව මෙහි ලා සිහිපත් කිරීමට කැමැත්තෙමු.

ඉහත කරුණු පිළිබඳ ඔබතුමාගේ කාරුණික අවධානය යොමු කර 69 ලක්ෂයේ ජන වරමට ගරු කරනු වස් විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වඩාත් ජනතා හිතකාමි කරනු ඇතැයි අපි අපේක්ෂා කරමු.

මෙයට දේශප්‍රේමිත්වයෙන්

පිවිතුරු හෙළ උරුමය
උපුල් විජේසේකර
ප්‍රධාන ලේකම්

Click to comment

Off Road

ජපානයේ දීර්ඝතම අගමැති ධුරය දැරූ උරුමක්කරු!

ජපානයේ දීර්ඝතම අගමැති ධුරය දැරූ ෂින්සෝ අබේ ඔහුගේ විශේෂ විදේශ ප්‍රතිපත්තිය “ඇබෙනොමික්ස්” ලෙස ජනප්‍රිය වූ අතර එය ආර්ථික උපාය මාර්ගයන් සඳහා ප්‍රසිද්ධ විය. ඉතා ජනප්‍රිය, සහ ඉතා මතභේදයට තුඩු දුන් දේශපාලනඥයෙකු වන 67 හැවිරිදි අබේ ජපාන ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය දෙවරක් ජයග්‍රහණය කරා ගෙන ගියේය.

ජපානයේ දීර්ඝතම අගමැති ධුරය දැරූ අබේ, සෞඛ්‍ය හේතූන් මත ඉල්ලා අස්වීමට පෙර වසරක් 2006 වසරේ සහ පසුව 2012 සිට 2020 දක්වා සේවය කළේය.

නිලයේ සිටියදී, ඔහු ආරක්ෂක සහ විදේශ ප්‍රතිපත්ති පිළිබඳ වඩාත් ස්ථීර ප්‍රතිපත්ති ඉදිරිපත් කළ අතර ජපානයේ සාමවාදී පශ්චාත් යුද ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට දිගු කාලයක් උත්සාහ කළේය.

මුදල් ලිහිල් කිරීම, මූල්‍ය උත්තේජක සහ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ මත ගොඩනැගුණු “Abenomics” නමින් හැඳින්වෙන ආර්ථික ප්‍රතිපත්තියක් ද ඔහු නිර්මාණය කළේය.

ටෝකියෝ අගනුවර සිට සැතපුම් 300 පමණ දුරින් – අබේ පාර්ලිමේන්තු මැතිවරණයක් සඳහා නාරා නගරයේ ප්‍රචාරක කටයුතුවල නිරත වෙමින් සිටියදී අද වෙඩි ප්‍රහාරයට ලක්විය.

දේශනය අතරතුර වෙඩි හඬක් නැඟුණු අතර අබේගේ බෙල්ලට දෙවරක් වෙඩි වැදී ඇත. ඔහු වහා ඇද වැටී ළඟම ඇති රෝහලට ගෙන යන ලදී. එම ස්ථානයේ සිටි ආරක්ෂක නිලධාරින් තුවක්කුකරු අල්ලා ගත් අතර ඔහු දැන් අත්අඩංගුවේ පසුවේ. කෙසේනමුත් පැය හතරක ප්‍රතිකාර වලින් පසුව, ජපාන හිටපු අගමැති අබේ මියගිය බව ප්‍රකාශ විය.

සාක්ෂිකරුවන් විසින් විස්තර කරන ලද ආකාරයට විශාල තුවක්කුවක් රැගෙන ගිය පුද්ගලයෙකු හිටපු අගමැතිවරයාට පිටුපසින් දෙවරක් වෙඩි තබා ඇත.

වෙඩි තැබීම සමඟ එම අවස්ථාවේ ඡායාරූපවලින් පෙනී යන්නේ වෙඩිකරු අගමැති අබේට පිටුපසින් සිටන ආකාරයයි.

Continue Reading

Uncategorized

අතහැර දැමූ ට්‍රක් රථයක මළසිරුරු 46ක් !

ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ සැන් ඇන්ටෝනියෝ නගරයට නුදුරින් අතහැර දමා ගිය ට්‍රක් රථයක තිබී පුද්ගලයන් 46 දෙනෙකුගේ මළසිරුරු හමුවී තිබේ.එහි ගිනි නිවන නිලධාරියෙකු පැවසුවේ ළමුන් සිව් දෙනෙකු ඇතුළු 16 දෙනෙකු ද රෝහල් ගත කර ඇති බවයි. දිවි ගලවා ගත් අය දැඩිව උණුසුම් බවත්,ඔවුන් මේ වන විට තාප ආඝාතයෙන් සහ තාප විඩාවකින් පීඩා විඳින බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එක්සත් ජනපද-මෙක්සිකානු දේශසීමාවේ සිට කිලෝමීටර් 250ක් (සැතපුම් 150ක්) දුරින් පිහිටි සැන් ඇන්ටෝනියෝ නගරය, මිනිස්-ජාවාරම්කරුවන් සඳහා ප්‍රධාන සංක්‍රමණ මාර්ගයකි. මිනිස් ජාවාරම්කරුවන් බොහෝ විට මෙම සංක්‍රමණිකයන් එක්සත් ජනපදයට ලඟා කිරීමට සමත් වූ පසු දුර බැහැර ප්‍රදේශවල සිට දේශ සිමා හරහා ප්‍රවාහනය කිරීමට ට්‍රක් රථ භාවිතා කරයි.

රියදුරු විසින් අතහැර දමා ගොස් ඇති මෙම වාහනයේ ක්‍රියාකාරී වායු සමීකරණයක් නොතිබූ බවත් එහි ඇතුළත පානීය ජලය නොතිබූ බවත් විමර්ශන නිලධාරියෙකු විදෙස් මාධ්‍ය වෙත දන්වා තිබේ. ගිම්හාන මාසවලදී සැන් ඇන්ටෝනියෝ දේශගුණය උණුසුම් වන අතර, සඳුදා වන විට එහි උෂ්ණත්වය සෙල්සියස් අංශක 39.4 (F) දක්වා ඉහළ ගොස් ඇති අතර, විපතට පත් වූවන් අධික තාපය, විඩාව සහ විජලනය හේතුවෙන් මිය ගිය බවට සැක කෙරේ.

මෙක්සිකෝවේ විදේශ අමාත්‍ය මාර්සෙලෝ එබ්‍රාඩ් පැවසුවේ රෝහල් ගත කළ අය අතර ගෝතමාලා ජාතිකයන් දෙදෙනෙකු ද සිටින බවයි. අනෙක් අයගේ ජාතිකත්වය මෙතෙක් පැහැදිලි නැතැයි පවසා ඇත. මෙම සිදුවීම සම්බන්ධයෙන් පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවේ පසුවන අතර විමර්ශනය ෆෙඩරල් නියෝජිතයින්ට භාර දී ඇත.

Continue Reading

Uncategorized

ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය ගබ්සාවට ඇති ව්‍යවස්ථාපිත අයිතිය අහෝසි කරයි!

Roe vs Wade නඩුව 1970 දී ආරම්භ විය. මෙම නඩුව නීත්‍යානුකූල අන්වර්ථය යටතේ “Jane Roe” යටතේ Norma McCorvey විසින් ගොනු කරන ලදී. Roe සහ McCorvey 1969 දී ඇගේ තුන්වන දරුවා බලාපොරොත්තුවෙන් සිටි අතර ගබ්සාවක් කිරීමට අවශ්‍ය විය. කෙසේ වෙතත් ඔවුන් පදිංචි වී සිටි ටෙක්ස්සාස් හි මවගේ ජීවිතය ආරක්‍ෂා කිරීමට අත්‍යවශ්‍ය දෙයක් නම් මිස ගබ්සාවක් සිදු කිරීම නීතියට පටහැනි විය.

ඒ අනුව ටෙක්සාස් හි ගබ්සා නීති ව්‍යවස්ථා විරෝධී බව පවසමින් ඇයගේ ප්‍රජාවේ දිස්ත්‍රික් නීතීඥ Henry Wade ඇය ට එරෙහිව එක්සත් ජනපදයේ ෆෙඩරල් උසාවියක ඇය වෙනුවෙන් නඩුවක් ගොනු කළේය.

ඒ අනුව 2022 ජූනි 24 දින, මහාධිකරණය විසින් ගබ්සා කිරීම් සඳහා වන තහනම  ව්‍යවස්ථාපිත බව තීන්දු කරන ලද අතර, විනිසුරු සැමුවෙල් ඇලිටෝ විසින් බහුතර මතය ලිවීමත් සමඟ ක්ලැරන්ස් තෝමස්, නීල් ගොර්සුච්, බ්‍රෙට් කැවනෝ සහ ඇමී කෝනි බැරට් යන විනිසුරුවරුන් මෙයට එකඟ වී ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණය 1973 ජනවාරි 22 දින 7-2 තීන්දුවක් මගින් කියා සිටියේ එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දහහතරවන සංශෝධනයේ නියමිත ක්‍රියාදාම වගන්තිය අනුව ගර්භනී කාන්තාවකට ගබ්සා කිරීමේ අයිතිය සහතික කරයි. කෙසේ වෙතත්, ගබ්සාවකට ඇති අයිතිය නිරපේක්ෂ නොවන බවත්, කාන්තාවන්ගේ සෞඛ්‍යය සහ නූපන් දරුවන් ආරක්ෂා කිරීම සඳහා රජයට ඇති අවශ්‍යතාවලට එරෙහිව එය පිරික්සා බැලිය යුතු බවත් අධිකරණය තීන්දු කළේය. නමුත් වසර 50කට පමණ පසු එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරනය Roe v Wade  නඩුව සම්බන්දයෙන් ලබා දුන් සුවිශේෂී නඩු තීන්දුවෙන් ස්ථාපිත වූ ගබ්සාව සඳහා වන ව්‍යවස්ථාපිත අයිතිය අහෝසි කර ඇත.

දැන්, නවතම විනිශ්චය එක්සත් ජනපදයේ ප්‍රාන්තවලින් අඩක් පමණ ගබ්සා කිරීම් දැඩි ලෙස සීමා කරන හෝ සම්පූර්ණයෙන්ම තහනම් කරන නව නීති රැල්ලක් අවුලුවාලීමට ඉඩ තිබේ. ප්‍රාන්ත 13 ක් ඊනියා “ප්‍රේරක නීති” සම්මත කර ඇති අතර, ශ්‍රේෂ්ඨාධිකරණයේ පියවරෙන් පසු ගබ්සාව සීමා කරනු ඇත.

කාන්තාවන්ට ගබ්සාව සඳහා අඩ සියවසකට ආසන්න කාලයක සිට ඇමරිකානු ව්‍යවස්ථාවෙන් ලබා දී තිබු අයිතිය ඒ අනුව උල්ලංඝනය වේ. මෙයට පෙර ඇමරිකාව තුළ ගබ්සාව අපරාධයක් ලෙස නොදුටු අතර කාන්තාවගේ ශරීරයේ පාලනයේ නිදහස හා අයිතිය ඇයට මෙ මඟින් ලබා දී තිබිණි. නමුත් එම නිදහස ඊයේ දිනයේ දුන් නඩු තීන්දුවට අනුව  ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කාන්තාවට ව්‍යස්ථාවෙන් ලබා දී තිබු අයිතිය අත්තනෝමතික ලෙස උල්ලංඝණය කර ඇත. 

ඊයේ ලබා දුන් මෙම  විනිශ්චය සමඟ එක්සත් ජනපදයේ ප්‍රාන්තවලින් අඩක් පමණ ගබ්සා කිරීම් දැඩි ලෙස සීමා කරන හෝ සම්පූර්ණයෙන්ම තහනම් කරන නව නීති රැල්ලක් ඇති කිරීමට  ඉඩ තිබේන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ වන විටත් ප්‍රාන්ත 13 ක් “ප්‍රේරක නීති” සම්මත කර ඇති අතර, ශ්‍රේෂ්ඨාධිකරණයේ පියවරෙන් පසු ගබ්සාව සීමා කරනු ඇති බවටත් එරට මාධ්‍ය ප්‍රකාශ කරයි.

මෙම නඩු තීන්දුව සමඟ ආරිකානු කාන්තා අයිතීන් සුරැකීමේ සංවිධාන සහ ලෝකයේ බොහෝ රටවල දේශපාලන නායකයින් පවා මෙයට විරෝදය දක්වා ප්‍රකාශ නිකුත් කර ඇත. එමෙන්ම මේ වන විට ඇමරිකාව පුරා විරෝධතා රැල්ලක් ආරම්භ වී ඇත.

Continue Reading

Facebook

Advertisement

Updates

උණුසුම් පුවත්2 months ago

ඩුබායි යන්න ගිය අරගලකරු ගුවන් යානයේදී අත්අඩංගුවට !

පසුගිය දා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට බලහත්කාරයෙන් ඇතුළු වී සජීවී විකාශයකට එක්වූ ‘දනිස් අලි’ යන අය අත්අඩංගුවට ගෙන තිබේ. ගාලු...

උණුසුම් පුවත්2 months ago

රනිල්ට ඉන්දියාවෙන් විශේෂ ඇමතුමක්

පවතින දේශපාලන අස්ථාවරභාවය ඇති කිරීම කෙරෙහි චීන මැදිහත්වීම කෙසේහෝ නතර කර යුතු බවත් ඒ සඳහා RAW (ඉන්දීය බුද්ධි සේවය) වැඩබලන...

උණුසුම් පුවත්3 months ago

බැසිල් රටින් යාම නාට්‍යක් ! ඒ අතරේ ගෝඨා හොරෙන්ම ඩුබායි ගිහින්.

එයේ රාත්‍රියේ ඇමරිකාව බලා පිටව යාමට අද (12) අළුයම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට පැමිණි බැසිල් රාජපක්ෂ මහතාට එහිදී දැඩි...

උණුසුම් පුවත්3 months ago

අරලියගහ මන්දිරයත් ජනතාව යටතට!

විරෝධතාකරුවන් මේ වන විට අග්‍රාමාත්‍යවරයාගේ නිල නිවස වන අරලියගහ මන්දිරියට ඇතුළු වී ඇතැයි වාර්තා වේ. වාර්තාකරුවන් පවසන ආකාරයට විශාල පිරිසක්...

උණුසුම් පුවත්3 months ago

ගෝඨාභය ඉල්ලා අස්වෙයි!

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී ඇති බවට වාර්තා වේ.

උණුසුම් පුවත්3 months ago

කොළඹ රැය ගෙවන අන්තරේ!

අද දහවල් රොද බඳිමු – පන්නමු යන තේමාව යටතේ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය විරෝධතා පා ගමනකින් කොළඹ වෙත පැමිණියා....

Off Road3 months ago

ජපානයේ දීර්ඝතම අගමැති ධුරය දැරූ උරුමක්කරු!

ජපානයේ දීර්ඝතම අගමැති ධුරය දැරූ ෂින්සෝ අබේ ඔහුගේ විශේෂ විදේශ ප්‍රතිපත්තිය “ඇබෙනොමික්ස්” ලෙස ජනප්‍රිය වූ අතර එය ආර්ථික උපාය මාර්ගයන්...

උණුසුම් පුවත්3 months ago

ඉන්ධන පිරවුම්හලක ගින්නක් !

මහියංගනය හසලක ඉන්ධන පිරවුම්හලේ ගින්නක් ඇති වී ඇති බවට වාර්තා වේ.මේ සමබන්ධව හසලක පොලිසිය පැවසුවේ සවස ඉන්ධන පිරවුම්හල් ගොඩනැගිල්ලක ගින්නක්...

උණුසුම් පුවත්3 months ago

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හෙට දිනයේ ඉවත් වෙයි!

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා වූ සාකච්ඡාවලින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරන්නේ...

Off Road3 months ago

අරගලයට එජාප සහය!

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා විසින් ලිපියක් නිකුත් කරමින් දන්වා සිටින්නේ සාමකාමී අදහස් ප්‍රකාශ කිරීමට සහ නිදහස්...

Advertisement
Advertisement

Trending

Copyright © 2020 Lanka C News