Connect with us

ප‍්‍රධාන පුවත්

පලමු වරට කොරෝනා මරණ නිසා මෙරට ආදාහනාගාර කාර්යබහුල වෙයි..

කොරෝනා රෝගය වැළදී මිය යන පුද්ගලයන් ආදාහනය කිරිමට යොදාගන්නා ජා-ඇල ප්‍රාදේශීය සභාවට අයත් රාගම බටුවත්ත ආදාහනාගාරය තුළ කාර්ය බහුලතාව වැඩි වී ඇතැයි ප්‍රදේශයේ ජනතාව පෙන්වා දෙති. රාගම ශික්ෂණ රෝහලේ දී කොවිඩ් වැලදී ඇතැයි තහවුරුව මිය යන රෝගීන් ආදාහනය කරනු ලබන්නේ රාගම බටුවත්ත පොදු ආදාහනාගාරයේදීය.

නිරන්තරයෙන් එවැනි මිය යෑම් වාර්තා වීමත් එම ආදාහනාගාරය කාර්ය බහුල තාව වැඩි වී තිබේ. කොරෝනා ආසාධිත ව මිය යන පුද්ගලයන් ආදාහනය කිරීමට ප්‍රමුඛතාව ලබා දීම නිසා සාමාන්‍ය මරණ ආදාහනය කිරිම බොහෝ විට රාත්‍රී කාලයේදී සිදු කිරීමටද සිදුව තිබේ.

මේ සම්බන්ධයෙන් ජා-ඇල ප්‍රාදේශීය සභාවේ සභාපති චන්ද්‍රපාල මදුරප්පෙරුම මහතා පවසා සිටියේ මේ වනවිට බටුවත්ත ආදාහනාගාරයේදී කොරෝනා ආසාධිතව මිය ගිය පුද්ගලයින් 50 කට අධික ප්‍රමාණයක් මේ වනවිට ආදාහනය කර තිබෙන බවයි.

මෙහිදී දැඩි ආරක්ෂාවක් යටතේ ආදාහන කටයුතු කිරීමට සෞඛ්‍ය අංශයේ සේවකයන් පස් දෙනෙකු අතිරේකව යෙදවීමට සිදු වන බව පැවසු සභාපතිවරයා මොවුන්ට අවශ්‍ය ආරක්ෂක ඇදුම් කට්ටල, අත් ආවරණ, මුහුණු ආවරණ ආදිය සභාව විසින් ලබා දෙන බවද පවසා සිටියේය. තවද එවැනි අවස්ථාවල දී ආදාහනාගාරය දෙවරක් සම්පූර්ණයෙන්ම විෂබීජ හරණය ට ලක් කරන බවද සභාපතිවරයා පවසා සිටියේය. සාමාන්‍ය මරණයක් පැය 1 1/2 ක් ආදාහනය කලද කොරෝනා මරණයක් පැය 2 1/2 ක් ආදාහනය කරන බැවින් අතිරේක ගෑස් ප්‍රමාණයක් ද ඊට වැයවන බවත් චන්ද්‍රපාල මහතා පැවසීය. මෙය සමාජ සත්කාරයක් බවත් මේ හේතුවෙන් ප්‍රදේශයේ සාමාන්‍ය මරණ ආදාහනය කිරීමේදී යම් පමාවක් සිදු වන්නේ නම් තමන් එම ඥාතීන්ට සිය කනගාටුව ප්‍රකාශ කරන බවද චන්ද්‍රපාල මදුරප්පෙරුම මහතා පැවසීය.

ඊයේ දිනය තුල කොරෝනා ආසාදිතයන් 463 දෙනකු මෙරටින් හඳුනාගෙන තිබේ. ඒ සමග අද දිනයේ වාර්තා වූ රෝගීන් ප‍්‍රමාණය 1451 දක්වා ඉහල යයි. එය මෙතෙක් මෙරට දිනකදී වාර්තා වූ ඉහලම ආසාදිත ප‍්‍රමාණයයි. ඔවුන්ද සමග මෙරට ආසාදිත ප‍්‍රමාණය 104923 දක්වා ඉහල යයි. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආචාර්ය චන්දිම මහතා ප්‍රකාශ කර සිටින්නේ බ්‍රිතාන්‍ය පැතිර යන කො රෝනා වෛරසයේ විකෘති ප්‍රභේදය ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයකින් හඳුනාගෙන ඇති බවයි. කොළඹ බොරලස්ගමුව සහ කුරුණෑගල ප්‍රදේශවල ආසාදිතයන්ගෙන් ලබා ගත් ජීව සාම්පල අනුව එම විකෘති ප්‍රභේදයන් හඳුනාගෙන ඇති අතර B 1 1 7 ලෙස නම් කර ඇති මෙම ප්‍රභේදය වේගයෙන් පැතිරී යන්නක් බවත් ඒ මහතා කරයි.

http://139.59.244.67/archives/7890?fbclid=IwAR2Vvc35eIEuzs9KBT_mApJ08ZDIo9I9oioP4a8LKABPEL41-Z1D-gvasPQ
Click to comment

උණුසුම් පුවත්

ඩුබායි යන්න ගිය අරගලකරු ගුවන් යානයේදී අත්අඩංගුවට !

පසුගිය දා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට බලහත්කාරයෙන් ඇතුළු වී සජීවී විකාශයකට එක්වූ ‘දනිස් අලි’ යන අය අත්අඩංගුවට ගෙන තිබේ. ගාලු මුවදොර අරගලකරුවන් සමඟ අරගලයේ යෙදී සිටි මොහු පසුගිය 13 වනදා රූපවාහිනී සංස්රථාවට බලහත්කාරයෙන් ඇතුළු වී එහි කාර්කයමණ්ඩලයට සහ වැඩසටහන් විකාශනයන් ට බාධා පමුණුවා ඇත.

ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කටුනායක ගුවන් තොටුපළෙන් ඩුබායි බලා විදේශ ගතවීමට ගුවන් යානයක් තුළ සිටියදී ය. රූපවාහිනී සංස්ථා ගොඩනැගිල්ලට බලහත්කාරයෙන් ඇතුළු වීම යන චෝදනාව මත ඔහුව මෙලෙස අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

Continue Reading

උණුසුම් පුවත්

අරලියගහ මන්දිරයත් ජනතාව යටතට!

විරෝධතාකරුවන් මේ වන විට අග්‍රාමාත්‍යවරයාගේ නිල නිවස වන අරලියගහ මන්දිරියට ඇතුළු වී ඇතැයි වාර්තා වේ. වාර්තාකරුවන් පවසන ආකාරයට විශාල පිරිසක් මේවන විට ගාලු පාර ඔස්සේ ගෝඨාගෝගම පරිශ්‍රයට පැමිණෙමින් සිටින බවත් එමෙන්ම පීරිසක් අරලියගහ මන්දිරයට ඇතුළු වී ඇති බවත්ය.

මෙයට පෙර විරෝධතාකරුවන් ජනාධිපති ලේකම් කාර්යාලයද අත්පත් කර ගත් අතර මේ වනවිට ජනාධිපති මන්දිරය සහ ජනාධිපති ලේකම් කාර්යාලය යන ස්ථාන ද්විත්වයම තවදුරටත් ජනතාව විශාල වශයෙන් රැස්වී සිටින බවට වාර්තා වේ.

ජනාධිපතිවරයාට ධුරය ඉවත් වන ලෙස බලකරමින් ඔවුන් විරෝධයේ නිරත වනවා.

Continue Reading

උණුසුම් පුවත්

ගෝඨාභය ඉල්ලා අස්වෙයි!

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී ඇති බවට වාර්තා වේ.

Continue Reading

Facebook

Advertisement

Updates

උණුසුම් පුවත්2 months ago

ඩුබායි යන්න ගිය අරගලකරු ගුවන් යානයේදී අත්අඩංගුවට !

පසුගිය දා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට බලහත්කාරයෙන් ඇතුළු වී සජීවී විකාශයකට එක්වූ ‘දනිස් අලි’ යන අය අත්අඩංගුවට ගෙන තිබේ. ගාලු...

උණුසුම් පුවත්2 months ago

රනිල්ට ඉන්දියාවෙන් විශේෂ ඇමතුමක්

පවතින දේශපාලන අස්ථාවරභාවය ඇති කිරීම කෙරෙහි චීන මැදිහත්වීම කෙසේහෝ නතර කර යුතු බවත් ඒ සඳහා RAW (ඉන්දීය බුද්ධි සේවය) වැඩබලන...

උණුසුම් පුවත්3 months ago

බැසිල් රටින් යාම නාට්‍යක් ! ඒ අතරේ ගෝඨා හොරෙන්ම ඩුබායි ගිහින්.

එයේ රාත්‍රියේ ඇමරිකාව බලා පිටව යාමට අද (12) අළුයම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට පැමිණි බැසිල් රාජපක්ෂ මහතාට එහිදී දැඩි...

උණුසුම් පුවත්3 months ago

අරලියගහ මන්දිරයත් ජනතාව යටතට!

විරෝධතාකරුවන් මේ වන විට අග්‍රාමාත්‍යවරයාගේ නිල නිවස වන අරලියගහ මන්දිරියට ඇතුළු වී ඇතැයි වාර්තා වේ. වාර්තාකරුවන් පවසන ආකාරයට විශාල පිරිසක්...

උණුසුම් පුවත්3 months ago

ගෝඨාභය ඉල්ලා අස්වෙයි!

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී ඇති බවට වාර්තා වේ.

උණුසුම් පුවත්3 months ago

කොළඹ රැය ගෙවන අන්තරේ!

අද දහවල් රොද බඳිමු – පන්නමු යන තේමාව යටතේ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය විරෝධතා පා ගමනකින් කොළඹ වෙත පැමිණියා....

Off Road3 months ago

ජපානයේ දීර්ඝතම අගමැති ධුරය දැරූ උරුමක්කරු!

ජපානයේ දීර්ඝතම අගමැති ධුරය දැරූ ෂින්සෝ අබේ ඔහුගේ විශේෂ විදේශ ප්‍රතිපත්තිය “ඇබෙනොමික්ස්” ලෙස ජනප්‍රිය වූ අතර එය ආර්ථික උපාය මාර්ගයන්...

උණුසුම් පුවත්3 months ago

ඉන්ධන පිරවුම්හලක ගින්නක් !

මහියංගනය හසලක ඉන්ධන පිරවුම්හලේ ගින්නක් ඇති වී ඇති බවට වාර්තා වේ.මේ සමබන්ධව හසලක පොලිසිය පැවසුවේ සවස ඉන්ධන පිරවුම්හල් ගොඩනැගිල්ලක ගින්නක්...

උණුසුම් පුවත්3 months ago

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හෙට දිනයේ ඉවත් වෙයි!

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා වූ සාකච්ඡාවලින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරන්නේ...

Off Road3 months ago

අරගලයට එජාප සහය!

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා විසින් ලිපියක් නිකුත් කරමින් දන්වා සිටින්නේ සාමකාමී අදහස් ප්‍රකාශ කිරීමට සහ නිදහස්...

Advertisement
Advertisement

Trending

Copyright © 2020 Lanka C News