Connect with us

උණුසුම් පුවත්

ඇසක් ඉල්ලූ දහතුන් හැවරිදි ජීවන්තට අග්‍රාමාත්‍ය ආර්යාව ලොව දකින්න වරම් දෙයි…

ගලෙන්බිදුණු වැව පලුගොල්ලෑගම ගම්මානයේ ජීවත්වන දෑස් නොපෙනෙන 13 වියැති ජීවන්ත රත්නායක දරුවා ඇසක් ඉල්ලා නගන හඬ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත් රෝහිත රාජපක්ෂ මහතාගේ නෙත ගැටෙන්නේ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේය.

රෝහිත රාජපක්ෂ මහතා ඒ ගැන සිය දයාබර මව, අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය දැනුවත් කරන්නේ ඒ දරුවා කෙරෙහි හද පතුලෙන්ම ඇතිවුණු සානුකම්පිත හැඟීමෙනි. දරුවන් කෙරෙහි නිරන්තරයෙන් දයාව කරුණාව දක්වන අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය ද මෙසේ ඇසක් ඉල්ලා හඬ නගන දරුවාගේ වීඩියෝ දර්ශනය දැකීමෙන් සංවේදී වූවාය.

ඇසක් ඉල්ලන මෙම දරුවාට ලොව දැකීමට වාසනාව උදාකිරීමට ඇත්නම් යැයි කල්පනා කළ ගරු ශිරන්ති රාජපක්ෂ මහත්මිය ජීවන්ත රත්නායක දරුවා කොළඹට ගෙන්වා ගත්තාය. ඒ මෙරට සිටින දක්ෂතම මෙන්ම ප්‍රසිද්ධ විශේෂඥ අක්ෂි ශෛල්‍ය වෛද්‍යවරයෙකු වෙත දරුවා යොමු කිරීමේ අටියෙනි. කොළඹ ඇස් රෝහලේදී (නයනා රෝග්‍ය ශාලාව) මේ දරුවා පරීක්ෂණ ගණනාවකටම ලක්වන්නේ විශේෂඥ වෛද්‍ය නිර්දේශය මතය. එම පරීක්ෂණ වාර්තාවන්ට අනුව ඇසක් බද්ධ කිරීමකින් තොරව මේ දරුවාගේ එක් ඇසකට පෙනීම ලබා දීමට හැකියාව ඇති බව විශේෂඥ වෛද්‍යවරයා තීරණය කළේය. ඊට දීර්ඝ කාලීනව ප්‍රතිකාර කළ යුතු බව විශේෂඥ වෛද්‍ය නිර්දේශය විය.

ඒ සියලු බර පැන දරන්නට ශිරන්ති රාජපක්ෂ මහත්මිය තීරණය කළාය.  එදා විජේරාම මාවතේ පිහිටි  අග්‍රාමාත්‍ය නිල නිවසේ දී මුණ ගැසුණු දෑස් නොපෙනෙන ජීවන්ත රත්නායක දරුවා සියලු පරීක්ෂණ හා ප්‍රතිකාරවලට යොමු කරමින්, අවස්ථා කිහිපයක දී කොළඹට ගෙන්වා ප්‍රතිකාර කිරීමට ගරු අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය කටයුතු කළාය.

ඉන් මාස කිහිපයකට පසුව ජීවන්ත රත්නායක දරුවා  28 දින අරලියගහ මන්දිරයේ දී ශිරන්ති රාජපක්ෂ මහත්මිය නැවත මුණගැසෙන්නේ සියයට 30 කට වඩා එක් ඇසක පෙනීමක් ඇතිවය.

අද මේ දරුවා පොතපත කියවන්නට උත්සහ දරමින් ,රූපවාහිනිය නරඹමින්, ජංගම දුරකතය හසුරුවමින් ලෝකය දකිමින් සිටියි.

ජීවන්තට කෙරෙන ප්‍රතිකාර තවමත් හමාර නැත. අදත් ඔහු කොළඹට එන්නේ වෛද්‍ය පරික්ෂණයකට ලක්ව අවශ්‍ය ඹෟෂධ ලබාගන්නටය. ඒ පැමිණි ගමනේ දී ඔහු අරලියගහ මන්දිරයට අත්වැලක් නොමැතිව පය තබන්නේ ඇසක් ඉල්ලා හඬ නැගූ තමාට ආලෝකයක්  ලබාදෙමින් ලෝකය දකින්නට අවස්ථාවක් ලබාදුන් ගරු ශිරන්ති රාජපක්ෂ මහත්මිය හමුවී දෙපා නැමද ඇයට ස්තූතිය පුද කරන්නටය.

රොහාන් වැලිවිට,
අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්

Click to comment

උණුසුම් පුවත්

ඩුබායි යන්න ගිය අරගලකරු ගුවන් යානයේදී අත්අඩංගුවට !

පසුගිය දා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට බලහත්කාරයෙන් ඇතුළු වී සජීවී විකාශයකට එක්වූ ‘දනිස් අලි’ යන අය අත්අඩංගුවට ගෙන තිබේ. ගාලු මුවදොර අරගලකරුවන් සමඟ අරගලයේ යෙදී සිටි මොහු පසුගිය 13 වනදා රූපවාහිනී සංස්රථාවට බලහත්කාරයෙන් ඇතුළු වී එහි කාර්කයමණ්ඩලයට සහ වැඩසටහන් විකාශනයන් ට බාධා පමුණුවා ඇත.

ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කටුනායක ගුවන් තොටුපළෙන් ඩුබායි බලා විදේශ ගතවීමට ගුවන් යානයක් තුළ සිටියදී ය. රූපවාහිනී සංස්ථා ගොඩනැගිල්ලට බලහත්කාරයෙන් ඇතුළු වීම යන චෝදනාව මත ඔහුව මෙලෙස අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

Continue Reading

උණුසුම් පුවත්

රනිල්ට ඉන්දියාවෙන් විශේෂ ඇමතුමක්

පවතින දේශපාලන අස්ථාවරභාවය ඇති කිරීම කෙරෙහි චීන මැදිහත්වීම කෙසේහෝ නතර කර යුතු බවත් ඒ සඳහා RAW (ඉන්දීය බුද්ධි සේවය) වැඩබලන ජනාධිපතිවරයාට විශේෂ වාර්තාවක් එයේ ලබා දී ඇත. ඉන් අනතුරුව ඉන්දීය රජයේ ප්‍රභල අමාත්‍ය වරයෙක් වැඩ බලන ජනාධිපතිවරයා දුරකථනයෙන් අමතා සිය සහයෝගය ප්‍රකාශයට පත් කර ඇත. එලෙස පැවසු පරිදිම තොණ්ඩමන් ගේ පක්ෂයේ සහය රනිල් වික්‍රමසිංහ වෙත පල කරන බව අද නිවේදනය කර තිබුණි. වාර්තා වන පරිදි දෙමළ ජාතික සන්දානයේ බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් තම රහස් ඡන්දය වැඩබලන ජනාධිපතිවරයාට ලබා දීමට තීරණය කර ඇත. ඒ රියේ රාත්‍රියේ රනිල් වික්‍රමසිංහ මහතාව රහසිගතව හමුවීමෙන් පසුවයි.

Continue Reading

උණුසුම් පුවත්

බැසිල් රටින් යාම නාට්‍යක් ! ඒ අතරේ ගෝඨා හොරෙන්ම ඩුබායි ගිහින්.

එයේ රාත්‍රියේ ඇමරිකාව බලා පිටව යාමට අද (12) අළුයම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට පැමිණි බැසිල් රාජපක්ෂ මහතාට එහිදී දැඩි විරෝධයක් එල්ල වී ආපසු එම රාජපක්ෂ තිර පිටපතක් බව අප දේශපාලන වාර්තාකරු අණාවරණය කරයි.

සියලු දෙනාගේ අවධානය ඒ වෙත යොමු වෙද්දි. ගෝඨාභය හොර රහසේම රටින් පිට වී ඇති බව වාර්තා වේ. බැසිල් ගේ ගුවන් ටිකට් පත් සමාජ ජාලා වෙත මුදා හැර ඇත්තේ මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට බව වාර්තා වේ. බුද්ධි අංශ ප්‍රධානියා විසින් GREXIT මිෂන් එක බාරව කටයුතු කරමින් ඇත.

මෙලෙස ටිකට්පත් රාශියක් වෙන්කර ඇත්තේ විශාල සමාජ අවධානයක් ලබා ගැනීමට බව සැක සහිතය .

Continue Reading

Facebook

Advertisement

Updates

උණුසුම් පුවත්2 months ago

ඩුබායි යන්න ගිය අරගලකරු ගුවන් යානයේදී අත්අඩංගුවට !

පසුගිය දා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට බලහත්කාරයෙන් ඇතුළු වී සජීවී විකාශයකට එක්වූ ‘දනිස් අලි’ යන අය අත්අඩංගුවට ගෙන තිබේ. ගාලු...

උණුසුම් පුවත්2 months ago

රනිල්ට ඉන්දියාවෙන් විශේෂ ඇමතුමක්

පවතින දේශපාලන අස්ථාවරභාවය ඇති කිරීම කෙරෙහි චීන මැදිහත්වීම කෙසේහෝ නතර කර යුතු බවත් ඒ සඳහා RAW (ඉන්දීය බුද්ධි සේවය) වැඩබලන...

උණුසුම් පුවත්3 months ago

බැසිල් රටින් යාම නාට්‍යක් ! ඒ අතරේ ගෝඨා හොරෙන්ම ඩුබායි ගිහින්.

එයේ රාත්‍රියේ ඇමරිකාව බලා පිටව යාමට අද (12) අළුයම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට පැමිණි බැසිල් රාජපක්ෂ මහතාට එහිදී දැඩි...

උණුසුම් පුවත්3 months ago

අරලියගහ මන්දිරයත් ජනතාව යටතට!

විරෝධතාකරුවන් මේ වන විට අග්‍රාමාත්‍යවරයාගේ නිල නිවස වන අරලියගහ මන්දිරියට ඇතුළු වී ඇතැයි වාර්තා වේ. වාර්තාකරුවන් පවසන ආකාරයට විශාල පිරිසක්...

උණුසුම් පුවත්3 months ago

ගෝඨාභය ඉල්ලා අස්වෙයි!

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී ඇති බවට වාර්තා වේ.

උණුසුම් පුවත්3 months ago

කොළඹ රැය ගෙවන අන්තරේ!

අද දහවල් රොද බඳිමු – පන්නමු යන තේමාව යටතේ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය විරෝධතා පා ගමනකින් කොළඹ වෙත පැමිණියා....

Off Road3 months ago

ජපානයේ දීර්ඝතම අගමැති ධුරය දැරූ උරුමක්කරු!

ජපානයේ දීර්ඝතම අගමැති ධුරය දැරූ ෂින්සෝ අබේ ඔහුගේ විශේෂ විදේශ ප්‍රතිපත්තිය “ඇබෙනොමික්ස්” ලෙස ජනප්‍රිය වූ අතර එය ආර්ථික උපාය මාර්ගයන්...

උණුසුම් පුවත්3 months ago

ඉන්ධන පිරවුම්හලක ගින්නක් !

මහියංගනය හසලක ඉන්ධන පිරවුම්හලේ ගින්නක් ඇති වී ඇති බවට වාර්තා වේ.මේ සමබන්ධව හසලක පොලිසිය පැවසුවේ සවස ඉන්ධන පිරවුම්හල් ගොඩනැගිල්ලක ගින්නක්...

උණුසුම් පුවත්3 months ago

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හෙට දිනයේ ඉවත් වෙයි!

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා වූ සාකච්ඡාවලින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරන්නේ...

Off Road3 months ago

අරගලයට එජාප සහය!

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා විසින් ලිපියක් නිකුත් කරමින් දන්වා සිටින්නේ සාමකාමී අදහස් ප්‍රකාශ කිරීමට සහ නිදහස්...

Advertisement
Advertisement

Trending

Copyright © 2020 Lanka C News