Connect with us

ප‍්‍රධාන පුවත්

හමුදාව සූදානම් ! දින කීපයකට සරිලන දෑ රැස්කරගෙන ඉන්න !

රටේ පවතින වාතාවරණය අනුව ඉදිරියේදී රෝගීන් සංඛ්‍යාව ඉහළ ගියහොත් අවශ්‍ය පරිදි කොවිඩ් වෛරසයට ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස තවත් ස්ථාන සූදානම් කිරීමට යුද්ධ හමුදාව සූදානම් බව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පැවසීය.

එහිදී යුද්ධ හමුදාධිපති තුමන් මෙසේද කීය.
අද (28) වෙනකොට ගත වූ පැය 24 තුළ ආසාදිතයින් 1111ක් වාර්තාවුණා. ඊට අමතරව තවත් කොවිඩ් මරණ 08 ක් සමඟින් සමස්ත කෙවිඩ් මරණ සංඛ්‍යාව 655 දක්වා ඉහළ ගියා. එක්ලක්ෂ තුන්දහස් හාරසිය අසූ හයක් වූ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාවෙන් මේවන විට කොඩිඩ් ආසාදිතයින් හත්දහස් නවසිය හැත්තෑ පස් දෙනෙකු තවමත් ප්‍රතිකාර ලබමින් ඉන්නවා. 

අපි ඊයේ දිනයේත් සාකච්ඡා කළා ආසාදිතයින්ට ප්‍රතිකාර ලබා දෙන ස්ථාන සම්බන්ධයෙන්. ඉදිරියේ දී රෝගීන් සංඛ්‍යාව තවත් ඉහළ ගියහොත් අවශ්‍ය පරිදි කොවිඩ් වෛරසයට ප්‍රතිකාර මධ්‍යස්ථාන තවත් ස්ථාන සූදානම් කරන්න යුද්ධ හමුදාව සූදානම්. හමුවන සියලුම ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීම වෙනුවෙන් පහසුකම් සැලසීමට අවශ්‍ය පියවර ගැනීමට ජනාධිපතිතුමන් උපදෙස් ලබා දී තිබෙනවා. දැඩිසත්කාර ඇඳන් සහ අනෙකුත් ඇඳන් සංඛ්‍යාව ධාරිතාව ඉහළ නැංවීම ගැනත් ඒ සඳහා යොදාගන්නා රෝහල් මොනවාද කියන කාරණයත් අපි කතිකා කළා.

රෝගීන් දවසට දහසක් නෙවේ දෙදහසක් වාර්තා වුණත් ඔවුන් රැකබලා ගන්නා ආකාරය පිළිබඳව අපි සෞඛ්‍ය ප්‍රවීණයින් සමඟ සාකච්ඡා කළා. පහුගිය දවසක වැල්ලවායේ රෝගීන් හමුවුණු අවස්ථාවේ අපි හමුදාවේ ස්ථානයක් දියතලාවේ ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට පරිවර්තනය කළා. අපිට මොන අභියෝග ආවත් මොන රැලි ආවත් අපි පරදින ජාතියක් නෙවේ. අපි අනිවාර්යෙන්ම ජාතියක් විදිහට නැඟිටිනවා. මම සෞඛ්‍ය අංශවලට දැනුම් දුන්නා රෝහල්වලට අවශ්‍ය නම් තවත් ඇඳන් දසදහසක් හරි ලබා දෙන්න යුද්ධ හමුදාව සූදානම් කියන කාරණාව. ඒ විතරක් නෙවෙයි ලංකාවේ සුවිශේෂීම වෛද්‍ය අංශයක් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සහ ත්‍රිවිධ හමුදාව සතුයි. අපි සූදානම් ඕනෑම හදිසි අවස්ථාවකදී පුහුණුව ලැබූ විනයගරුක මානව සම්පත මේ කටයුතු වෙනුවෙන් යොදවන්න‍. මේ වාතාවරණයේ දී රටේ ජනතාව ආරක්ෂා කිරීම උදෙසා කළ යුතු සෑම දෙයක්ම කරන්න යුද්ධ හමුදාව ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාව සූදානම්.

රටේ ජනතාවගෙන් අපි ඉතාම කාරුණිකව ඉල්ලනවා මේ රටේ නිල ආයතනවලින් නිකුත් කරනු ලබන තොරුතුරුවලට පමණක් අවධානය යොමු කරන්න කියලා. මොකද මේ වෙනකොට විවිධ පිරිස් ආයෙත් තමන්ගේ පුද්ගලික න්‍යාය පත්‍ර ජයග්‍රහණය කරන්න විවිධ අසත්‍යය තොරතුරු පතුරවා හරිනවා. අපේ රටේ රෝගීන් සඳහා වන ඔක්සිජන් අවශ්‍යතාවය පිළිබඳ මම පුද්ගලිකව පැය 12කට සැරයක් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්තුමාගෙන් අහනවා තොරතුරු ලබා ගන්නවා. ලංකාවට රෝගීන් සඳහා ලබා දෙන ඔක්සිජන් සපයන ආයතන අපිට කියනවා දැනට අවශ්‍ය පරිදි ඔක්සිජන් සංචිත තියෙනවා කියලා.

රටේ තිබෙන තත්ත්වය හැටියට කොයි ප්‍රදේශය හුදෙකලා කරන්න වෙයිද කියන දේ අපි කවුරුත්ම දන්නේ නෑ. ඒක තීරණය වෙන්නේ හඳුනා ගන්නා රෝගීන් සහ ආශ්‍රිතයින් ප්‍රමාණය අනුවයි. ඒ නිසා අපි ඕනම දේකට සූදානමින් සිටීම ඉතා වැදගත්. ඒ නිසා මම කියනවා ඔබට හැකි විදිහට හැම වෙලාවකදිම දිනකීපයකට සරිලන දෑ රැස්කරගෙන සූදානමින් සිටීම හොඳයි කියන දේ. අපිට රටේ ජනතාව බොරුවට බියට පත් කරන්නවත් තිබෙන තත්ත්වය සඟවන්නවත් අවශ්‍යය නැහැ. 

ඒ වගේම මේ වෙද්දි රාජ්‍ය ආයතනවල ප්‍රධානියාට වගකීම භාර දීලා තියෙනවා සැම ආයතනයකම සේවකයින් උපරිම ධාරිතාවෙන් සේවයට කැඳවන්නේ නැතිව කාර්යාලය තුළ සෞඛ්‍ය නිර්දේශවලට අනුකූළව පත්වාගත හැකි පරිදි සේවකයින් කැඳවන්න කියලා. හමුදාවේ අපි කරන්නේ තුනෙන් එකක් සේවයට කැඳවලා ඉතිරි තුනෙන් දෙක නිවාඩු සහ නිරෝධායනයට යොමු කිරීමයි. යැයි යුද්ධ හමුදාධිපතිතුමන් කීය‍ .

දිලංක ගුණතිලක

Click to comment

උණුසුම් පුවත්

ඩුබායි යන්න ගිය අරගලකරු ගුවන් යානයේදී අත්අඩංගුවට !

පසුගිය දා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට බලහත්කාරයෙන් ඇතුළු වී සජීවී විකාශයකට එක්වූ ‘දනිස් අලි’ යන අය අත්අඩංගුවට ගෙන තිබේ. ගාලු මුවදොර අරගලකරුවන් සමඟ අරගලයේ යෙදී සිටි මොහු පසුගිය 13 වනදා රූපවාහිනී සංස්රථාවට බලහත්කාරයෙන් ඇතුළු වී එහි කාර්කයමණ්ඩලයට සහ වැඩසටහන් විකාශනයන් ට බාධා පමුණුවා ඇත.

ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කටුනායක ගුවන් තොටුපළෙන් ඩුබායි බලා විදේශ ගතවීමට ගුවන් යානයක් තුළ සිටියදී ය. රූපවාහිනී සංස්ථා ගොඩනැගිල්ලට බලහත්කාරයෙන් ඇතුළු වීම යන චෝදනාව මත ඔහුව මෙලෙස අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

Continue Reading

උණුසුම් පුවත්

අරලියගහ මන්දිරයත් ජනතාව යටතට!

විරෝධතාකරුවන් මේ වන විට අග්‍රාමාත්‍යවරයාගේ නිල නිවස වන අරලියගහ මන්දිරියට ඇතුළු වී ඇතැයි වාර්තා වේ. වාර්තාකරුවන් පවසන ආකාරයට විශාල පිරිසක් මේවන විට ගාලු පාර ඔස්සේ ගෝඨාගෝගම පරිශ්‍රයට පැමිණෙමින් සිටින බවත් එමෙන්ම පීරිසක් අරලියගහ මන්දිරයට ඇතුළු වී ඇති බවත්ය.

මෙයට පෙර විරෝධතාකරුවන් ජනාධිපති ලේකම් කාර්යාලයද අත්පත් කර ගත් අතර මේ වනවිට ජනාධිපති මන්දිරය සහ ජනාධිපති ලේකම් කාර්යාලය යන ස්ථාන ද්විත්වයම තවදුරටත් ජනතාව විශාල වශයෙන් රැස්වී සිටින බවට වාර්තා වේ.

ජනාධිපතිවරයාට ධුරය ඉවත් වන ලෙස බලකරමින් ඔවුන් විරෝධයේ නිරත වනවා.

Continue Reading

උණුසුම් පුවත්

ගෝඨාභය ඉල්ලා අස්වෙයි!

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී ඇති බවට වාර්තා වේ.

Continue Reading

Facebook

Advertisement

Updates

උණුසුම් පුවත්2 months ago

ඩුබායි යන්න ගිය අරගලකරු ගුවන් යානයේදී අත්අඩංගුවට !

පසුගිය දා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට බලහත්කාරයෙන් ඇතුළු වී සජීවී විකාශයකට එක්වූ ‘දනිස් අලි’ යන අය අත්අඩංගුවට ගෙන තිබේ. ගාලු...

උණුසුම් පුවත්2 months ago

රනිල්ට ඉන්දියාවෙන් විශේෂ ඇමතුමක්

පවතින දේශපාලන අස්ථාවරභාවය ඇති කිරීම කෙරෙහි චීන මැදිහත්වීම කෙසේහෝ නතර කර යුතු බවත් ඒ සඳහා RAW (ඉන්දීය බුද්ධි සේවය) වැඩබලන...

උණුසුම් පුවත්3 months ago

බැසිල් රටින් යාම නාට්‍යක් ! ඒ අතරේ ගෝඨා හොරෙන්ම ඩුබායි ගිහින්.

එයේ රාත්‍රියේ ඇමරිකාව බලා පිටව යාමට අද (12) අළුයම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට පැමිණි බැසිල් රාජපක්ෂ මහතාට එහිදී දැඩි...

උණුසුම් පුවත්3 months ago

අරලියගහ මන්දිරයත් ජනතාව යටතට!

විරෝධතාකරුවන් මේ වන විට අග්‍රාමාත්‍යවරයාගේ නිල නිවස වන අරලියගහ මන්දිරියට ඇතුළු වී ඇතැයි වාර්තා වේ. වාර්තාකරුවන් පවසන ආකාරයට විශාල පිරිසක්...

උණුසුම් පුවත්3 months ago

ගෝඨාභය ඉල්ලා අස්වෙයි!

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී ඇති බවට වාර්තා වේ.

උණුසුම් පුවත්3 months ago

කොළඹ රැය ගෙවන අන්තරේ!

අද දහවල් රොද බඳිමු – පන්නමු යන තේමාව යටතේ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය විරෝධතා පා ගමනකින් කොළඹ වෙත පැමිණියා....

Off Road3 months ago

ජපානයේ දීර්ඝතම අගමැති ධුරය දැරූ උරුමක්කරු!

ජපානයේ දීර්ඝතම අගමැති ධුරය දැරූ ෂින්සෝ අබේ ඔහුගේ විශේෂ විදේශ ප්‍රතිපත්තිය “ඇබෙනොමික්ස්” ලෙස ජනප්‍රිය වූ අතර එය ආර්ථික උපාය මාර්ගයන්...

උණුසුම් පුවත්3 months ago

ඉන්ධන පිරවුම්හලක ගින්නක් !

මහියංගනය හසලක ඉන්ධන පිරවුම්හලේ ගින්නක් ඇති වී ඇති බවට වාර්තා වේ.මේ සමබන්ධව හසලක පොලිසිය පැවසුවේ සවස ඉන්ධන පිරවුම්හල් ගොඩනැගිල්ලක ගින්නක්...

උණුසුම් පුවත්3 months ago

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හෙට දිනයේ ඉවත් වෙයි!

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා වූ සාකච්ඡාවලින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරන්නේ...

Off Road3 months ago

අරගලයට එජාප සහය!

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා විසින් ලිපියක් නිකුත් කරමින් දන්වා සිටින්නේ සාමකාමී අදහස් ප්‍රකාශ කිරීමට සහ නිදහස්...

Advertisement
Advertisement

Trending

Copyright © 2020 Lanka C News