Connect with us

ප‍්‍රධාන පුවත්

රට පුරා කොරෝනා.. එක් දවසකට ආසාදිතයින් 997 ක් හමුවේ.. මාතර, නුවරඑළිය,අම්පාර, අනුරාධපුරය, වව්නියාව, මහනුවර, රත්නපුර, යාපනය අවදානම්

දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් – 19 ආසාදිතයින් සංඛ්‍යාව ලෙස ආසාදිතයින් 997 දෙනෙකු ඊයේ (27) දිනය තුළ හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. මීට පෙර මෙරටින් වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව ලෙස ආසාදිතයින් 976 දෙනෙකු හඳුනා ගැනුණේ පසුගිය පෙබරවාරි මස 09 වනදා ය.

ඊයේ (26) දිනයේ හඳුනාගත් ආසාදිතයින් සංඛ්‍යාවත් සමග මේ වනවිට මෙරටින් හමුවූ සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 102,376ක්. ඉන් ආසාදිතයින් 94,577ක් සුවය ලබා රෝහල්වලින් පිටවගොස් තිබේ. රෝගීන් 7,152 දෙදෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

ඊයේ දිනයේ හඳුනා ගැනුණු ආසාදිතයින් අතර පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් 944 දෙනෙකු සහ බන්ධනාගාර කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් 08 දෙනෙකු සිටී. විදේශයන්හි සිට පැමිණි පුද්ගලයින් 45 දෙනෙකු ද ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය.

මේ අතර තවත් කොවිඩ් අසාදිත මරණ 03ක් ඊයේ වාර්තාවීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 647 දක්වා ඉහළගොස් ඇත. ඊයේ වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් දිස්ත්‍රික්ක 24 කින් වාර්තා වී තිබුණි. ඉන් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 173කි. ගම්පහ දිස්ත්‍රික්කයෙන් 170 දෙනෙකු සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 74 දෙනෙකු ඊයේ දිනයේ වාර්තා වී තිබුණි.

කොවිඩ් 3වන රැල්ලේ දැඩි බලපෑමක් එල්ල වී ඇති කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ඊයේ දිනයේදී ආසාදිතයින් 49 දෙනෙකු පමණක් හඳුනාගෙන ඇති අතර පුත්තලම දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇත්තේ ද ආසාදිතයින් 22ක් පමණි. ගාල්ල දිස්ත්‍රික්කයෙන් ඊයේ දිනයේ ආසාදිතයින් 92ක් හඳුනාගෙන ඇති බව සඳහන් කරන කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය මොනරාගල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 86 දෙනෙකු හඳුනාගෙන ඇති බව සඳහන් කරයි.

මීට අමතරව මාතලේ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 66ක්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 59ක්, මාතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 32ක් බදුල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 25ක් නුවරඑළිය සහ පුත්තලම යන දිස්ත්‍රික්කවලින් ආසාදිතයින් 22 බැගින් හඳුනාගෙන තිබේ. ඊට අමතරව මන්නාරම, කෑගල්ල, අම්පාර, අනුරාධපුරය, වව්නියාව, මහනුවර, රත්නපුර, යාපනය, පොළොන්නරුව, මඩකලපුව, කිළිනොච්චිය සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවලින් ද ආසාදිතයින් 20 දෙනෙකුට අඩු සංඛ්‍යාවක් හදුනාගෙන ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සදහන් කළේය.

උණුසුම් පුවත්

ඩුබායි යන්න ගිය අරගලකරු ගුවන් යානයේදී අත්අඩංගුවට !

පසුගිය දා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට බලහත්කාරයෙන් ඇතුළු වී සජීවී විකාශයකට එක්වූ ‘දනිස් අලි’ යන අය අත්අඩංගුවට ගෙන තිබේ. ගාලු මුවදොර අරගලකරුවන් සමඟ අරගලයේ යෙදී සිටි මොහු පසුගිය 13 වනදා රූපවාහිනී සංස්රථාවට බලහත්කාරයෙන් ඇතුළු වී එහි කාර්කයමණ්ඩලයට සහ වැඩසටහන් විකාශනයන් ට බාධා පමුණුවා ඇත.

ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කටුනායක ගුවන් තොටුපළෙන් ඩුබායි බලා විදේශ ගතවීමට ගුවන් යානයක් තුළ සිටියදී ය. රූපවාහිනී සංස්ථා ගොඩනැගිල්ලට බලහත්කාරයෙන් ඇතුළු වීම යන චෝදනාව මත ඔහුව මෙලෙස අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

Continue Reading

උණුසුම් පුවත්

අරලියගහ මන්දිරයත් ජනතාව යටතට!

විරෝධතාකරුවන් මේ වන විට අග්‍රාමාත්‍යවරයාගේ නිල නිවස වන අරලියගහ මන්දිරියට ඇතුළු වී ඇතැයි වාර්තා වේ. වාර්තාකරුවන් පවසන ආකාරයට විශාල පිරිසක් මේවන විට ගාලු පාර ඔස්සේ ගෝඨාගෝගම පරිශ්‍රයට පැමිණෙමින් සිටින බවත් එමෙන්ම පීරිසක් අරලියගහ මන්දිරයට ඇතුළු වී ඇති බවත්ය.

මෙයට පෙර විරෝධතාකරුවන් ජනාධිපති ලේකම් කාර්යාලයද අත්පත් කර ගත් අතර මේ වනවිට ජනාධිපති මන්දිරය සහ ජනාධිපති ලේකම් කාර්යාලය යන ස්ථාන ද්විත්වයම තවදුරටත් ජනතාව විශාල වශයෙන් රැස්වී සිටින බවට වාර්තා වේ.

ජනාධිපතිවරයාට ධුරය ඉවත් වන ලෙස බලකරමින් ඔවුන් විරෝධයේ නිරත වනවා.

Continue Reading

උණුසුම් පුවත්

ගෝඨාභය ඉල්ලා අස්වෙයි!

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී ඇති බවට වාර්තා වේ.

Continue Reading

Facebook

Advertisement

Updates

උණුසුම් පුවත්2 months ago

ඩුබායි යන්න ගිය අරගලකරු ගුවන් යානයේදී අත්අඩංගුවට !

පසුගිය දා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට බලහත්කාරයෙන් ඇතුළු වී සජීවී විකාශයකට එක්වූ ‘දනිස් අලි’ යන අය අත්අඩංගුවට ගෙන තිබේ. ගාලු...

උණුසුම් පුවත්2 months ago

රනිල්ට ඉන්දියාවෙන් විශේෂ ඇමතුමක්

පවතින දේශපාලන අස්ථාවරභාවය ඇති කිරීම කෙරෙහි චීන මැදිහත්වීම කෙසේහෝ නතර කර යුතු බවත් ඒ සඳහා RAW (ඉන්දීය බුද්ධි සේවය) වැඩබලන...

උණුසුම් පුවත්3 months ago

බැසිල් රටින් යාම නාට්‍යක් ! ඒ අතරේ ගෝඨා හොරෙන්ම ඩුබායි ගිහින්.

එයේ රාත්‍රියේ ඇමරිකාව බලා පිටව යාමට අද (12) අළුයම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට පැමිණි බැසිල් රාජපක්ෂ මහතාට එහිදී දැඩි...

උණුසුම් පුවත්3 months ago

අරලියගහ මන්දිරයත් ජනතාව යටතට!

විරෝධතාකරුවන් මේ වන විට අග්‍රාමාත්‍යවරයාගේ නිල නිවස වන අරලියගහ මන්දිරියට ඇතුළු වී ඇතැයි වාර්තා වේ. වාර්තාකරුවන් පවසන ආකාරයට විශාල පිරිසක්...

උණුසුම් පුවත්3 months ago

ගෝඨාභය ඉල්ලා අස්වෙයි!

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී ඇති බවට වාර්තා වේ.

උණුසුම් පුවත්3 months ago

කොළඹ රැය ගෙවන අන්තරේ!

අද දහවල් රොද බඳිමු – පන්නමු යන තේමාව යටතේ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය විරෝධතා පා ගමනකින් කොළඹ වෙත පැමිණියා....

Off Road3 months ago

ජපානයේ දීර්ඝතම අගමැති ධුරය දැරූ උරුමක්කරු!

ජපානයේ දීර්ඝතම අගමැති ධුරය දැරූ ෂින්සෝ අබේ ඔහුගේ විශේෂ විදේශ ප්‍රතිපත්තිය “ඇබෙනොමික්ස්” ලෙස ජනප්‍රිය වූ අතර එය ආර්ථික උපාය මාර්ගයන්...

උණුසුම් පුවත්3 months ago

ඉන්ධන පිරවුම්හලක ගින්නක් !

මහියංගනය හසලක ඉන්ධන පිරවුම්හලේ ගින්නක් ඇති වී ඇති බවට වාර්තා වේ.මේ සමබන්ධව හසලක පොලිසිය පැවසුවේ සවස ඉන්ධන පිරවුම්හල් ගොඩනැගිල්ලක ගින්නක්...

උණුසුම් පුවත්3 months ago

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හෙට දිනයේ ඉවත් වෙයි!

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා වූ සාකච්ඡාවලින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරන්නේ...

Off Road3 months ago

අරගලයට එජාප සහය!

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා විසින් ලිපියක් නිකුත් කරමින් දන්වා සිටින්නේ සාමකාමී අදහස් ප්‍රකාශ කිරීමට සහ නිදහස්...

Advertisement
Advertisement

Trending

Copyright © 2020 Lanka C News