Connect with us

ප‍්‍රධාන පුවත්

කළුබෝවිල රෝහලේ ඔක්සිජන් හිගයක්.. කොරෝනා රෝගීන් පිරී යයි.. ජීවිත දැඩි අනතුරකට

නැගෙනහිර කොළඹ කළුබෝවිල මූලික රෝහලේ ප්‍රතිකාර ලබන කොවිඩ් රෝගීන්ට අවශ්‍ය ඔක්සිජන් සපයාදීමට පවතින සිලින්ඩර් සංඛ්‍යාව ප්‍රමාණවත් නොවීම හේතුවෙන් රෝගීන්ගේ ජීවිත දැඩි අනතුරකට පත්ව ඇත. රෝහල සතුව පවතිනුයේ ඔක්සිජන් සිලින්ඩර් 80ක් පමණක් වුවද දෛනික අවශ්‍යතාව සිලින්ඩර් 150ක් බව රෝහල් ආරංචිමාර්ග වැඩිදුරටක් අනාවරණය කරයි. රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය මුදිතා පෙරේරා සඳහන් කළේ දැඩිසත්කාර ඒකකයේ පවතින ඇඳන් 8ම මේ වන විට කොවිඩ් රෝගීන්ගෙන් පිරී ඇති බවත් ඔවුන්‌ගෙන් රෝගීන් හයදෙනකුටම ඊයේ (26 වැනිදා) දිනය තුළ ඔක්සිජන් ලබා දිය යුතු වූ බවත් ය. මේ අනුව දිනකට රෝහලේ ඔක්සිජන් අවශ්‍යතාව සිලින්ඩර් 150ක් යැයි ඇය කියා සිටී.

කෙසේ නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශයට මේ බව දැනුම් දුන් අතර මැයි 15 වන දින විට රෝහලේ සිලින්ඩර් අවශ්‍යතාව සපුරා දීමට එකග වී ඇතැයිද ඇය පැවසුවාය. මේ වන විට කොරෝනා රෝගීන් සියලුම දෙනා රෝහල වෙත ඇතුළත් කරනුයේ හුස්ම ගැනීමේ දැඩි අපහසුවෙන් වීම හේතුවෙන් වෙනදාට වඩා ඔවුන්ට ඔක්සිජන් ලබා දීමේ අවශ්‍යතාව පැන නැගී ඇත.

කොවිඩ් රෝගීන් සඳහා රෝහලේ වෙන් කර තිබෙන ඇඳන් 110ම මේ වන විට පිරී ගොස් ඇතැයිද කොරෝනා ආසාදිත ගර්භණී මව්වරුන්ට ප්‍රතිකාර ලබා දෙන දැඩිසත්කාර ඒකකයේ “එක්මෝ “ යන්ත්‍රයක අවශ්‍යතාවක් තිබෙන බැවින් එවැනි යන්ත්‍රයක් රෝහල වෙත ලබා දිය හැකි පරිත්‍යාගශීලී කෙනෙක් හෝ සිටින්නේ නම් කොරෝනා හේතුවෙන් අසාධ්‍ය තත්ත්වයට පත්වෙන ජීවිත සුවපත් කිරීමට පහසුවක් වන බවද විශේෂඥ වෛද්‍ය මුදිතා මහත්මිය පවසයි.

මේ වන විටත් දැඩිසත්කාර ඒකකයේ “එක්මෝ” යන්ත්‍රයක අවශ්‍යතාව පවතින ගර්භණී මවක් සිටින අතර කොරෝනා ආසාදනය වී ඇතැයිද පැවැසේ. “එක්මෝ” පහසුකම් පවතිනුයේ ගාල්ල කරාපිටිය රෝහලේ සහ රිජ්වේ ආර්යා ළමා රෝහලෙ පමණක් බවද හෙළි වේ.

කොරෝනා ආසාදිත ගර්භනී මව්වරුන් 26 දෙනකු ප්‍රතිකාර ලබන අතර මේ සියලුම ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කිරීමට සිදුව ඇත්තේ රෝගියා අසලට ගොස් බැවින් රෝහල් කාර්ය මණ්ඩලයේද ජීවිත දැඩි අනතුරකට පත්ව ඇති බව පැවැසේ.
(ශ්‍රියානි විජේසිංහ_aruna)

http://139.59.244.67/archives/7677?fbclid=IwAR0sefCkLup0_uI_CNu4v4E3gb9u-qZDLeyZnODDGneQ5QA9llfLZYzR1uU

උණුසුම් පුවත්

ඩුබායි යන්න ගිය අරගලකරු ගුවන් යානයේදී අත්අඩංගුවට !

පසුගිය දා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට බලහත්කාරයෙන් ඇතුළු වී සජීවී විකාශයකට එක්වූ ‘දනිස් අලි’ යන අය අත්අඩංගුවට ගෙන තිබේ. ගාලු මුවදොර අරගලකරුවන් සමඟ අරගලයේ යෙදී සිටි මොහු පසුගිය 13 වනදා රූපවාහිනී සංස්රථාවට බලහත්කාරයෙන් ඇතුළු වී එහි කාර්කයමණ්ඩලයට සහ වැඩසටහන් විකාශනයන් ට බාධා පමුණුවා ඇත.

ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කටුනායක ගුවන් තොටුපළෙන් ඩුබායි බලා විදේශ ගතවීමට ගුවන් යානයක් තුළ සිටියදී ය. රූපවාහිනී සංස්ථා ගොඩනැගිල්ලට බලහත්කාරයෙන් ඇතුළු වීම යන චෝදනාව මත ඔහුව මෙලෙස අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

Continue Reading

උණුසුම් පුවත්

අරලියගහ මන්දිරයත් ජනතාව යටතට!

විරෝධතාකරුවන් මේ වන විට අග්‍රාමාත්‍යවරයාගේ නිල නිවස වන අරලියගහ මන්දිරියට ඇතුළු වී ඇතැයි වාර්තා වේ. වාර්තාකරුවන් පවසන ආකාරයට විශාල පිරිසක් මේවන විට ගාලු පාර ඔස්සේ ගෝඨාගෝගම පරිශ්‍රයට පැමිණෙමින් සිටින බවත් එමෙන්ම පීරිසක් අරලියගහ මන්දිරයට ඇතුළු වී ඇති බවත්ය.

මෙයට පෙර විරෝධතාකරුවන් ජනාධිපති ලේකම් කාර්යාලයද අත්පත් කර ගත් අතර මේ වනවිට ජනාධිපති මන්දිරය සහ ජනාධිපති ලේකම් කාර්යාලය යන ස්ථාන ද්විත්වයම තවදුරටත් ජනතාව විශාල වශයෙන් රැස්වී සිටින බවට වාර්තා වේ.

ජනාධිපතිවරයාට ධුරය ඉවත් වන ලෙස බලකරමින් ඔවුන් විරෝධයේ නිරත වනවා.

Continue Reading

උණුසුම් පුවත්

ගෝඨාභය ඉල්ලා අස්වෙයි!

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී ඇති බවට වාර්තා වේ.

Continue Reading

Facebook

Advertisement

Updates

උණුසුම් පුවත්2 months ago

ඩුබායි යන්න ගිය අරගලකරු ගුවන් යානයේදී අත්අඩංගුවට !

පසුගිය දා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට බලහත්කාරයෙන් ඇතුළු වී සජීවී විකාශයකට එක්වූ ‘දනිස් අලි’ යන අය අත්අඩංගුවට ගෙන තිබේ. ගාලු...

උණුසුම් පුවත්2 months ago

රනිල්ට ඉන්දියාවෙන් විශේෂ ඇමතුමක්

පවතින දේශපාලන අස්ථාවරභාවය ඇති කිරීම කෙරෙහි චීන මැදිහත්වීම කෙසේහෝ නතර කර යුතු බවත් ඒ සඳහා RAW (ඉන්දීය බුද්ධි සේවය) වැඩබලන...

උණුසුම් පුවත්3 months ago

බැසිල් රටින් යාම නාට්‍යක් ! ඒ අතරේ ගෝඨා හොරෙන්ම ඩුබායි ගිහින්.

එයේ රාත්‍රියේ ඇමරිකාව බලා පිටව යාමට අද (12) අළුයම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට පැමිණි බැසිල් රාජපක්ෂ මහතාට එහිදී දැඩි...

උණුසුම් පුවත්3 months ago

අරලියගහ මන්දිරයත් ජනතාව යටතට!

විරෝධතාකරුවන් මේ වන විට අග්‍රාමාත්‍යවරයාගේ නිල නිවස වන අරලියගහ මන්දිරියට ඇතුළු වී ඇතැයි වාර්තා වේ. වාර්තාකරුවන් පවසන ආකාරයට විශාල පිරිසක්...

උණුසුම් පුවත්3 months ago

ගෝඨාභය ඉල්ලා අස්වෙයි!

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී ඇති බවට වාර්තා වේ.

උණුසුම් පුවත්3 months ago

කොළඹ රැය ගෙවන අන්තරේ!

අද දහවල් රොද බඳිමු – පන්නමු යන තේමාව යටතේ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය විරෝධතා පා ගමනකින් කොළඹ වෙත පැමිණියා....

Off Road3 months ago

ජපානයේ දීර්ඝතම අගමැති ධුරය දැරූ උරුමක්කරු!

ජපානයේ දීර්ඝතම අගමැති ධුරය දැරූ ෂින්සෝ අබේ ඔහුගේ විශේෂ විදේශ ප්‍රතිපත්තිය “ඇබෙනොමික්ස්” ලෙස ජනප්‍රිය වූ අතර එය ආර්ථික උපාය මාර්ගයන්...

උණුසුම් පුවත්3 months ago

ඉන්ධන පිරවුම්හලක ගින්නක් !

මහියංගනය හසලක ඉන්ධන පිරවුම්හලේ ගින්නක් ඇති වී ඇති බවට වාර්තා වේ.මේ සමබන්ධව හසලක පොලිසිය පැවසුවේ සවස ඉන්ධන පිරවුම්හල් ගොඩනැගිල්ලක ගින්නක්...

උණුසුම් පුවත්3 months ago

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හෙට දිනයේ ඉවත් වෙයි!

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා වූ සාකච්ඡාවලින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරන්නේ...

Off Road3 months ago

අරගලයට එජාප සහය!

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා විසින් ලිපියක් නිකුත් කරමින් දන්වා සිටින්නේ සාමකාමී අදහස් ප්‍රකාශ කිරීමට සහ නිදහස්...

Advertisement
Advertisement

Trending

Copyright © 2020 Lanka C News