Connect with us

ප‍්‍රධාන පුවත්

රන්ජන්ට නිදහස…? රන්ජන් හිරගෙදර සිංදු කියන්නත් පටන් අරන්

දැනට බන්ධනාගාරගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට සමාව ලබාදෙන ලෙස ලිඛිතව ඉල්ලීමක් කළහොත් ඔහුට ජනාධිපති සමාවක් හිමිවීමට ඉඩ ඇතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ගවලින් පැවසෙයි. රන්ජන් රාමනායකට ලබාදෙන සමාව සම්පූර්ණ සමාවක්ද කොන්දේසි සහිත සමාවක්ද යන්න මෙතෙක් තීරණය කොට නැත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33(4) වගන්තිය ප්‍රකාරව ශ්‍රී ලංකාවේ අධිකරණයකදී කවර හෝ වරදකට වරදකරු කරන ලද තැනැත්තකුට සමාව දීමේ බලය ජනාධිපතිවරයාට හිමිවෙයි.

රන්ජන් රාමනායක සම්බන්ධව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරමින් පවසා තිබුණේ ඔහුට සමාව ප්‍රදානය කරන ලෙසයි. ඒ සම්බන්ධයෙන් ලිඛිත ඉල්ලීමක් ලදොත් ඉන්පසුව ඒ ගැන සලකා බැලිය හැකි බව ජනාධිපතිවරයා විපක්ෂ නායකවරයාට දන්වා තිබිණි. ඒ අතර රන්ජන් රාමනායක මහතාගේ සුවදුක් විමසීමට ඇමැති නාමල් රාජපක්ෂ පසුගියදා අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයට ගියේය. එහිදී තමන් දෙන ලිපියක් ජනාධිපතිතුමාට බාරදිය හැකිදැයි නාමල් අමාත්‍යවරයාගෙන් රන්ජන් විමසා ඇත. ඒ අවස්ථාවේ අමාත්‍ය නාමල් රන්ජන්ට කියා තිබුණේ එවන් ලිපියක් තමන් හරහා නොව බන්ධනාගාර බලධරයන් මගින් ජනාධිපතිතුමාට යොමු කරන ලෙසය. නමුත් මේ සියළු ප්‍රවෘත්ති අස්සේ අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ රදවා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා නැවත වතාවක් සිරගෙදර තුළ ප්‍රීතියෙන් යුතුව කල්ගත කරන බවට විශ්වාසදායික ආර චි මාර්ග අපට සදහන් කරනවා.‍ ඒ අනුව මේ දිනවල රන්ජන් රාමනායක මහතා අනෙක් සිරකරුවන් සමග එක්ව ගී ගයමින් විනෝදයෙන් සිටින බව වාර්තා වේ. කෙසේවෙතත් පසුගිය දින කිහිපය තුළ ඒ මහතා දැඩි කලකිරීමකින් යුක්තව කල් ගත කර තීබූ බවක් මාධ්‍ය වාර්තා කර තිබිණ.

http://139.59.244.67/archives/7582?fbclid=IwAR3DvcvON51cegD8HATVMWnNDSU-hkt-bwixxMWvDQUL4yD-DR26Wdg1ay0

උණුසුම් පුවත්

ඩුබායි යන්න ගිය අරගලකරු ගුවන් යානයේදී අත්අඩංගුවට !

පසුගිය දා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට බලහත්කාරයෙන් ඇතුළු වී සජීවී විකාශයකට එක්වූ ‘දනිස් අලි’ යන අය අත්අඩංගුවට ගෙන තිබේ. ගාලු මුවදොර අරගලකරුවන් සමඟ අරගලයේ යෙදී සිටි මොහු පසුගිය 13 වනදා රූපවාහිනී සංස්රථාවට බලහත්කාරයෙන් ඇතුළු වී එහි කාර්කයමණ්ඩලයට සහ වැඩසටහන් විකාශනයන් ට බාධා පමුණුවා ඇත.

ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කටුනායක ගුවන් තොටුපළෙන් ඩුබායි බලා විදේශ ගතවීමට ගුවන් යානයක් තුළ සිටියදී ය. රූපවාහිනී සංස්ථා ගොඩනැගිල්ලට බලහත්කාරයෙන් ඇතුළු වීම යන චෝදනාව මත ඔහුව මෙලෙස අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

Continue Reading

උණුසුම් පුවත්

අරලියගහ මන්දිරයත් ජනතාව යටතට!

විරෝධතාකරුවන් මේ වන විට අග්‍රාමාත්‍යවරයාගේ නිල නිවස වන අරලියගහ මන්දිරියට ඇතුළු වී ඇතැයි වාර්තා වේ. වාර්තාකරුවන් පවසන ආකාරයට විශාල පිරිසක් මේවන විට ගාලු පාර ඔස්සේ ගෝඨාගෝගම පරිශ්‍රයට පැමිණෙමින් සිටින බවත් එමෙන්ම පීරිසක් අරලියගහ මන්දිරයට ඇතුළු වී ඇති බවත්ය.

මෙයට පෙර විරෝධතාකරුවන් ජනාධිපති ලේකම් කාර්යාලයද අත්පත් කර ගත් අතර මේ වනවිට ජනාධිපති මන්දිරය සහ ජනාධිපති ලේකම් කාර්යාලය යන ස්ථාන ද්විත්වයම තවදුරටත් ජනතාව විශාල වශයෙන් රැස්වී සිටින බවට වාර්තා වේ.

ජනාධිපතිවරයාට ධුරය ඉවත් වන ලෙස බලකරමින් ඔවුන් විරෝධයේ නිරත වනවා.

Continue Reading

උණුසුම් පුවත්

ගෝඨාභය ඉල්ලා අස්වෙයි!

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී ඇති බවට වාර්තා වේ.

Continue Reading

Facebook

Advertisement

Updates

උණුසුම් පුවත්2 months ago

ඩුබායි යන්න ගිය අරගලකරු ගුවන් යානයේදී අත්අඩංගුවට !

පසුගිය දා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට බලහත්කාරයෙන් ඇතුළු වී සජීවී විකාශයකට එක්වූ ‘දනිස් අලි’ යන අය අත්අඩංගුවට ගෙන තිබේ. ගාලු...

උණුසුම් පුවත්2 months ago

රනිල්ට ඉන්දියාවෙන් විශේෂ ඇමතුමක්

පවතින දේශපාලන අස්ථාවරභාවය ඇති කිරීම කෙරෙහි චීන මැදිහත්වීම කෙසේහෝ නතර කර යුතු බවත් ඒ සඳහා RAW (ඉන්දීය බුද්ධි සේවය) වැඩබලන...

උණුසුම් පුවත්3 months ago

බැසිල් රටින් යාම නාට්‍යක් ! ඒ අතරේ ගෝඨා හොරෙන්ම ඩුබායි ගිහින්.

එයේ රාත්‍රියේ ඇමරිකාව බලා පිටව යාමට අද (12) අළුයම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට පැමිණි බැසිල් රාජපක්ෂ මහතාට එහිදී දැඩි...

උණුසුම් පුවත්3 months ago

අරලියගහ මන්දිරයත් ජනතාව යටතට!

විරෝධතාකරුවන් මේ වන විට අග්‍රාමාත්‍යවරයාගේ නිල නිවස වන අරලියගහ මන්දිරියට ඇතුළු වී ඇතැයි වාර්තා වේ. වාර්තාකරුවන් පවසන ආකාරයට විශාල පිරිසක්...

උණුසුම් පුවත්3 months ago

ගෝඨාභය ඉල්ලා අස්වෙයි!

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී ඇති බවට වාර්තා වේ.

උණුසුම් පුවත්3 months ago

කොළඹ රැය ගෙවන අන්තරේ!

අද දහවල් රොද බඳිමු – පන්නමු යන තේමාව යටතේ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය විරෝධතා පා ගමනකින් කොළඹ වෙත පැමිණියා....

Off Road3 months ago

ජපානයේ දීර්ඝතම අගමැති ධුරය දැරූ උරුමක්කරු!

ජපානයේ දීර්ඝතම අගමැති ධුරය දැරූ ෂින්සෝ අබේ ඔහුගේ විශේෂ විදේශ ප්‍රතිපත්තිය “ඇබෙනොමික්ස්” ලෙස ජනප්‍රිය වූ අතර එය ආර්ථික උපාය මාර්ගයන්...

උණුසුම් පුවත්3 months ago

ඉන්ධන පිරවුම්හලක ගින්නක් !

මහියංගනය හසලක ඉන්ධන පිරවුම්හලේ ගින්නක් ඇති වී ඇති බවට වාර්තා වේ.මේ සමබන්ධව හසලක පොලිසිය පැවසුවේ සවස ඉන්ධන පිරවුම්හල් ගොඩනැගිල්ලක ගින්නක්...

උණුසුම් පුවත්3 months ago

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හෙට දිනයේ ඉවත් වෙයි!

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා වූ සාකච්ඡාවලින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරන්නේ...

Off Road3 months ago

අරගලයට එජාප සහය!

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා විසින් ලිපියක් නිකුත් කරමින් දන්වා සිටින්නේ සාමකාමී අදහස් ප්‍රකාශ කිරීමට සහ නිදහස්...

Advertisement
Advertisement

Trending

Copyright © 2020 Lanka C News