Connect with us

උණුසුම් පුවත්

පානදුරේ මහදවල් මිනීමැරූ දෙන්නම පොලිසියේ ඇස් වසා රටින් පනී : එකෙක් කටුනායකින්: අනෙකා බෝට්ටුවෙන්

පානදුරේදී මහා දවාලයේ ධිවර කාර්මිකයෙකුට වෙඩි තබා ඝාතනය කිරීම මෑතකදී මෙරට සිදුවුණු පාතාලයේ බිහිසුණු අපරාධයක් ලෙස සැලකිය හැකිය. බියක් සැකක් නොමැතිව මහා දවාලයේ ධිවර කාර්මිකයාට වෙඩි තබා ටී 56 ගිනි අවියද රැගෙන ඔවුන් පළායන්නේ නීතියට පවා යම් අභියෝගයක් කරමිනි. පොලීසිය සමග සෙල්ලම් කරමින් වෙඩි තැබූ ගිනි අවිය වෙනුවට වෙනත් අවියක් පානදුරේ සුසාන භුමියක දමා සැබෑ යතුරු පැදිය වෙනුවට සොරාගත් යතුරු පැදියක් බොල්ගොඩ ගඟට දමා පොලිසියට ඔත්තු දෙමින් ඔවුන් ලොකු සෙල්ලමක් පසුගිය සති කිහිපය තුළම දැම්මේය. ඒ ගැන මෙම තීරුව මගින් විටෙන් විට හෙළිදරව් කිහිපයක්ම කළේය.

පානදුර පොලීසියේ අපරාධ විමර්ශන අංශය විසින් කළ පරීක්ෂණවලට නිරන්තරයෙන් ඇඟිලි ගසමින් එම විමර්ශනවලට බාධාකරමින් පොලිස් ලොක්කෙක් ඒ හැම විටම කියා තිබුණේ වෙඩික්කරු සහ යතුරු පැදිකරු අද හෙටම භාරවෙන බවය. ගිනි අවිය සහ යතුරු පැදිය අපරාධකරුවන් විසින් එම අපරාධයට යොදාගත් එක බව කියා පොලීසිය භාර ඇමතිවරයාව පවා මේ නිලධාරීන් ඇන්දවිය. ප්‍රවෘත්ති සාකච්ඡා පවත්වමින් ඇමතිවරයා පවා එම අපරාධයට සම්බන්ධ අපරාධකරුවන් හෙළිකරගෙන ඇති බවත්, අපරාධයට යොදාගත් ගිනි අවිය සහ යතුරු පැදිය සොයාගත් බවත් පොලීසිය ගැන ආඩම්බරයෙන් කියන්නට වූයේ එබැවිනි. පොලීසිය තමාව අන්දවා ඇති බවක් ඇමතිවරයා අදටත් දන්නේදැයි ඇත්තේ ගැටලුවකි. ඒ ඇමතිවරයා එම ප්‍රකාශය කරන විට වෙඩික්කරුත්, යතුරු පැදිකරුත් රටේත් නැති බැවිනි.

වෙඩික්කරු පැන ගන්නේ ඉන්දියාවටය. ඒ බෝට්ටුවක නැගීය. යතුරු පැදිකරු පැන යන්නේ ඩුබායි වෙතය. ඒ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් එමිරේට්ස් ගුවන් සමාගමට අයත් ගුවන් යානාවක නැගී ඉකුත් 10 වෙනිදා අලුයම් කාලයේදීය.

හපුආරච්චිගේ දොන් පියුම් හස්තක නැමැති එම යතුරුපැදිකරු 1998 වසරේ නොවැම්බර් 27 වෙනිදා කළුබෝවිලදී උපන් අයෙකි. ඔහුගේ පදිංචි ලිපිනය ලෙස සැලකෙන්නේ පානදුර අළුබෝමුල්ලේ අරුක්ගොඩ, කමරදූවයි. මත්කුඩු භාවිතයට ඇබ්බැහි වී සිටින්නෙක් බවට හඳුනාගෙන ඇති ඔහු ඩුබායි බලා යන්නේ ඊට දින කිහිපයකට පෙර ඔහුගේම ජාතික හැදුනුම්පත ඉදිරිපත් කර ඔහුගේ නමින්ම එක්දින සේවය යටතේ ලබාගත් විදෙස් ගමන් බලපත්‍රයකිනි. ඒ සංචාරක වීසාවක් යටතේය.

ධීවර ව්‍යාපාරිකයාගේ ඝාතනයේ ප්‍රධාන සැකකරුවන් දෙදෙනා රටින් එසේ යන්නට ඉඩ දුන් පිරිස් එය වසා ගැනීමට ලකුණු දා ගන්නේ එම ඝාතනයට ඝෘජු සම්බන්ධකමක් නොමැති වෙඩික්කරුට සහ යතුරුපැදිකරුට ඉන්න හිටින්නට සහ කන්න බොන්න දුන් බව කියන කිහිප දෙනෙක් අත්අඩංගුවට ගනිමිනි. ඊට මාධ්‍යයෙන් පුළුල් ප්‍රචාරයක් පවා ලබාදෙන්නේ ඇමතිවරයාව ඉදිරියට දමාය.

පොලීසිය ඇමතිවරයාව මේ ආකාරයට රැවටීමකට ලක්කළ පළමු අවස්ථාව වන්නේ මෙය නොවේ. වරක් ඔහුව රවටන්නේ මෙම වසර තුළ පමණක් පොලීසියේ 20000ක් පමණ විශ්‍රාම යන බවට අලි බොරැවක් අතාරිමිනි. පොලිසීයේ පිරිස් පාලන අංශයේ වාර්තාවන්ට අනුව මෙම වසරේ විශ්‍රාම යන්නට සිටින්නේ සැබෑ ලෙසම නිලධාරීන් 1424 දෙනෙක් පමණි. ලබන වසරේ විශ්‍රාම යන්නට නියමිතව සිටින්නේ 1742 දෙදෙනෙක් පමණි. මේ අකාරයට 2028 වසර දක්වා නිලධාරීන්ගේ සංඛ්‍යාව එකතු කළත් පොලීසියේ විශ්‍රාම යන්නේ නිලධාරීන් 18096 දෙනෙක් පමණි. 2029 දී පමණක් විශ්‍රාම ගැනීමට සිටින නිලධාරීන්ගේ ගණන 3070 කි. මේ දත්තයන්වලට අනුව පොලීසිය ඇමතිවරයාව රවටා ඇති තරම සිතා ගන්නට පුළුවනි.

එහෙත් ඒ ගැන නොදත් ඇමතිවරයා පොලීසියේ බොරුව ඇත්තක් යැයි සිතා මාධ්‍ය හමුවේ පවා පැවැසුවේ විශාල පිරිසක් විශ්‍රාම යාමෙන් පොලීසිය දැඩි අසීරුතාවකට පත්වන්නට ඉඩ ඇති බවට අනතුරු ඇගයීමක්ද කරමින් බඳවා ගැනීම් වේගවත් කරන බව කියමිනි.

පොලිස් දෙපාර්තමේන්තුවේ මේ වන විට සේවයේ නිරතව සිටින නිලධාරීන්ගේ සංඛ්‍යාව සටහන් වන්නේ අසූ දහසකට අඩුවෙනි. මෙම නිලධාරීන්ගෙන් හතළිස් සහසක් පමණ පිරිසක් ප්‍රභූ ආරක්ෂාවේ නිරත වන බවට පවා ලොකු බොරුවක් ඇමතිවරයාට පොලිස් ලොක්කන් ඇද බා තිබුණේය. ඇමතිවරයාත් ඒ සංඛ්‍යා දත්ත විශ්වාස කරමින් ප්‍රභු ආරක්ෂාවට සිවිල් ආරක්ෂක නිලධාරීන් යොදා පොලීසියේ රාජකාරියට පොලිස් නිලධාරීන් නිදහස් කිරීමට පියවර ගන්නා බව මාධ්‍ය හමුවේ සඳහන් කළේය. එහෙත් ඒ සංඛ්‍යා දත්ත කොතරම් නිවැරදිදැයි පොලීසිය තුළම මේ වන විට පවතින්නේ දැඩි කථාබහකි. ඒ ප්‍රභූ ආරක්ෂක රාජකාරියේ සැබෑ ලෙසම නිරතව සිටින්නේ ඒ කියූ ගණනින් අඩකටත් අඩු නිලධාරීන් පිරිසක් වන බැවිනි.

රුවන් වෙඩිවර්ධන

Click to comment

උණුසුම් පුවත්

ඩුබායි යන්න ගිය අරගලකරු ගුවන් යානයේදී අත්අඩංගුවට !

පසුගිය දා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට බලහත්කාරයෙන් ඇතුළු වී සජීවී විකාශයකට එක්වූ ‘දනිස් අලි’ යන අය අත්අඩංගුවට ගෙන තිබේ. ගාලු මුවදොර අරගලකරුවන් සමඟ අරගලයේ යෙදී සිටි මොහු පසුගිය 13 වනදා රූපවාහිනී සංස්රථාවට බලහත්කාරයෙන් ඇතුළු වී එහි කාර්කයමණ්ඩලයට සහ වැඩසටහන් විකාශනයන් ට බාධා පමුණුවා ඇත.

ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කටුනායක ගුවන් තොටුපළෙන් ඩුබායි බලා විදේශ ගතවීමට ගුවන් යානයක් තුළ සිටියදී ය. රූපවාහිනී සංස්ථා ගොඩනැගිල්ලට බලහත්කාරයෙන් ඇතුළු වීම යන චෝදනාව මත ඔහුව මෙලෙස අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

Continue Reading

උණුසුම් පුවත්

රනිල්ට ඉන්දියාවෙන් විශේෂ ඇමතුමක්

පවතින දේශපාලන අස්ථාවරභාවය ඇති කිරීම කෙරෙහි චීන මැදිහත්වීම කෙසේහෝ නතර කර යුතු බවත් ඒ සඳහා RAW (ඉන්දීය බුද්ධි සේවය) වැඩබලන ජනාධිපතිවරයාට විශේෂ වාර්තාවක් එයේ ලබා දී ඇත. ඉන් අනතුරුව ඉන්දීය රජයේ ප්‍රභල අමාත්‍ය වරයෙක් වැඩ බලන ජනාධිපතිවරයා දුරකථනයෙන් අමතා සිය සහයෝගය ප්‍රකාශයට පත් කර ඇත. එලෙස පැවසු පරිදිම තොණ්ඩමන් ගේ පක්ෂයේ සහය රනිල් වික්‍රමසිංහ වෙත පල කරන බව අද නිවේදනය කර තිබුණි. වාර්තා වන පරිදි දෙමළ ජාතික සන්දානයේ බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් තම රහස් ඡන්දය වැඩබලන ජනාධිපතිවරයාට ලබා දීමට තීරණය කර ඇත. ඒ රියේ රාත්‍රියේ රනිල් වික්‍රමසිංහ මහතාව රහසිගතව හමුවීමෙන් පසුවයි.

Continue Reading

උණුසුම් පුවත්

බැසිල් රටින් යාම නාට්‍යක් ! ඒ අතරේ ගෝඨා හොරෙන්ම ඩුබායි ගිහින්.

එයේ රාත්‍රියේ ඇමරිකාව බලා පිටව යාමට අද (12) අළුයම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට පැමිණි බැසිල් රාජපක්ෂ මහතාට එහිදී දැඩි විරෝධයක් එල්ල වී ආපසු එම රාජපක්ෂ තිර පිටපතක් බව අප දේශපාලන වාර්තාකරු අණාවරණය කරයි.

සියලු දෙනාගේ අවධානය ඒ වෙත යොමු වෙද්දි. ගෝඨාභය හොර රහසේම රටින් පිට වී ඇති බව වාර්තා වේ. බැසිල් ගේ ගුවන් ටිකට් පත් සමාජ ජාලා වෙත මුදා හැර ඇත්තේ මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට බව වාර්තා වේ. බුද්ධි අංශ ප්‍රධානියා විසින් GREXIT මිෂන් එක බාරව කටයුතු කරමින් ඇත.

මෙලෙස ටිකට්පත් රාශියක් වෙන්කර ඇත්තේ විශාල සමාජ අවධානයක් ලබා ගැනීමට බව සැක සහිතය .

Continue Reading

Facebook

Advertisement

Updates

උණුසුම් පුවත්2 months ago

ඩුබායි යන්න ගිය අරගලකරු ගුවන් යානයේදී අත්අඩංගුවට !

පසුගිය දා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට බලහත්කාරයෙන් ඇතුළු වී සජීවී විකාශයකට එක්වූ ‘දනිස් අලි’ යන අය අත්අඩංගුවට ගෙන තිබේ. ගාලු...

උණුසුම් පුවත්2 months ago

රනිල්ට ඉන්දියාවෙන් විශේෂ ඇමතුමක්

පවතින දේශපාලන අස්ථාවරභාවය ඇති කිරීම කෙරෙහි චීන මැදිහත්වීම කෙසේහෝ නතර කර යුතු බවත් ඒ සඳහා RAW (ඉන්දීය බුද්ධි සේවය) වැඩබලන...

උණුසුම් පුවත්3 months ago

බැසිල් රටින් යාම නාට්‍යක් ! ඒ අතරේ ගෝඨා හොරෙන්ම ඩුබායි ගිහින්.

එයේ රාත්‍රියේ ඇමරිකාව බලා පිටව යාමට අද (12) අළුයම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට පැමිණි බැසිල් රාජපක්ෂ මහතාට එහිදී දැඩි...

උණුසුම් පුවත්3 months ago

අරලියගහ මන්දිරයත් ජනතාව යටතට!

විරෝධතාකරුවන් මේ වන විට අග්‍රාමාත්‍යවරයාගේ නිල නිවස වන අරලියගහ මන්දිරියට ඇතුළු වී ඇතැයි වාර්තා වේ. වාර්තාකරුවන් පවසන ආකාරයට විශාල පිරිසක්...

උණුසුම් පුවත්3 months ago

ගෝඨාභය ඉල්ලා අස්වෙයි!

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී ඇති බවට වාර්තා වේ.

උණුසුම් පුවත්3 months ago

කොළඹ රැය ගෙවන අන්තරේ!

අද දහවල් රොද බඳිමු – පන්නමු යන තේමාව යටතේ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය විරෝධතා පා ගමනකින් කොළඹ වෙත පැමිණියා....

Off Road3 months ago

ජපානයේ දීර්ඝතම අගමැති ධුරය දැරූ උරුමක්කරු!

ජපානයේ දීර්ඝතම අගමැති ධුරය දැරූ ෂින්සෝ අබේ ඔහුගේ විශේෂ විදේශ ප්‍රතිපත්තිය “ඇබෙනොමික්ස්” ලෙස ජනප්‍රිය වූ අතර එය ආර්ථික උපාය මාර්ගයන්...

උණුසුම් පුවත්3 months ago

ඉන්ධන පිරවුම්හලක ගින්නක් !

මහියංගනය හසලක ඉන්ධන පිරවුම්හලේ ගින්නක් ඇති වී ඇති බවට වාර්තා වේ.මේ සමබන්ධව හසලක පොලිසිය පැවසුවේ සවස ඉන්ධන පිරවුම්හල් ගොඩනැගිල්ලක ගින්නක්...

උණුසුම් පුවත්3 months ago

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හෙට දිනයේ ඉවත් වෙයි!

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා වූ සාකච්ඡාවලින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරන්නේ...

Off Road3 months ago

අරගලයට එජාප සහය!

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා විසින් ලිපියක් නිකුත් කරමින් දන්වා සිටින්නේ සාමකාමී අදහස් ප්‍රකාශ කිරීමට සහ නිදහස්...

Advertisement
Advertisement

Trending

Copyright © 2020 Lanka C News