Connect with us

උණුසුම් පුවත්

සංගීතය සහිත සින්දුවක් අහන එක ඉස්ලාමයට පටහැනියි – අබ්දුල් රාසික්

මුස්ලිම්වරුන්ට ඉස්ලාම් දහම තුළ වෙනම නීති පැවතියද ඔවුන් පළමුව මෙරට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට සහ රජයේ නීති වලට යටත් විය යුතු බව සිලෝන් තවුහිද් ජමාත් සංවිධානයේ ලේකම් අබ්දුල් රාසික් පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය සිදුකරන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ (14) පළමුවරට සාක්ෂි ලබාදෙමිනි.

පාස්කු ඉරුදින මරාගෙන මැරෙන ප්‍රහාර මාලාවට නායකත්වය ලබාදුන් සහරාන් හෂීම් සමග පළමුව ශ්‍රී ලංකා තවුහිද් ජමාත් සංවිධානය පිහිටුවා අනතුරුව ඉන් ඉවත් වු වර්තමානයේ සිලෝන් තවුහිද් ජමාත් සංවිධානයේ ලේකම් ලෙස කටයුතු කරන අබ්දුල් රාසික් ඊයේ පළමුවරට ජනාධිපති කොමිසම හමුවට කැඳවා තිබුණි.

2017 නොවැම්බර් 12 කාත්තන්කුඩිය හිස්බුල්ලා ශාලාවේ පැවති සම්මේලනය, “බෞද්ධ ආගමට මුල්තැනදීම නවත්වලා, ශ්‍රී ලංකාව සර්ව ආගමික රටක් කරන්න ඕනේ කියලා,” ප්‍රකාශයක් කළාදැයි සභාපති විනිසුරුවරයා මෙහිදී සාක්ෂිකරුගෙන් විමසා සිටියේය.

“නැහැ. ඔය කියන සම්මේලනය පැවැත්වුවේ කාත්තන්කුඩියේදි නොවේ. කොළඹ දී. එතනදි මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම, නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක අවශ්‍යතාවය ගැන කතා කළා. නමුත් ඔය කිව්වා වගේ දෙයක් ගැන කිව්වේ නැහැ. අපි සංවිධානයක් විදිහට බෞද්ධ ආගමට මුල්තැන දෙන්න ඕනේ කියන තැන එදා ඉඳලා ඉන්නවා,” යැයි අබ්දුල් රාසික් පිළිතුරු දුන්නේය.

මෙහිදි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා ඔබ සංගීතයට කැමතිදැයි විමසූ විට, “මම පෞද්ගලිකව කැමතියි. නමුත් ඉස්ලාම් ඉගැන්වීම් වලට අනුව එය පටහැනියි. අපි ගායනය කරනවා. නමුත් සංගීතය සහ නැටුම් පිළිගන්නේ නැහැ. ගුවන් විදුලියක යන සංගීතය සහිත සින්දුවක් අහන එකත් ඉස්ලාම් ඉගැන්වීම් වලට පටහැනියි,” යනුවෙන් රාසික් ප්‍රකාශ කළේය.

“හරි. දැන් ශ්‍රී ලංකාවේ ජාතික ගීය තියෙන්නේ සංගීතයත් එක්කනේ. ඒ කියන්නේ මෙරට ජීවත්වන ඉස්ලාම් භක්තිකයන් ජාතික ගීයට ගරු කළ යුතු නැද්ද ? ” යනුවෙන් නීතීඥවරයා එවිට විමසුවා.

” නැහැ. එහෙම නෙමෙයි. ජාතික ගීයට ගරු කළ යුතුයි. රජය නීතියක් පනවනවානම් ඉස්ලාම් ඉගැන්වීම් ඒ නීතියට යටත්. ශ්‍රී ලංකාවේ ජීවත් වන ඉස්ලාම් භක්තිකයෙක් පළමුවෙන් රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අවනත වෙන්න ඕනේ. ඊළගට රටේ පවතින නීතියට අවනත වෙන්න ඕනේ. ඊටත් පසුව තමයි සිවිල් කාරණා වලදි ආගමික නීතිය අදාළ වෙන්නේ. ” යැයි අබ්දුල් රාසික් කොමිසම හමුවේ පැහැදිලි කළ බව වාර්තා වේ.

උණුසුම් පුවත්

ඩුබායි යන්න ගිය අරගලකරු ගුවන් යානයේදී අත්අඩංගුවට !

පසුගිය දා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට බලහත්කාරයෙන් ඇතුළු වී සජීවී විකාශයකට එක්වූ ‘දනිස් අලි’ යන අය අත්අඩංගුවට ගෙන තිබේ. ගාලු මුවදොර අරගලකරුවන් සමඟ අරගලයේ යෙදී සිටි මොහු පසුගිය 13 වනදා රූපවාහිනී සංස්රථාවට බලහත්කාරයෙන් ඇතුළු වී එහි කාර්කයමණ්ඩලයට සහ වැඩසටහන් විකාශනයන් ට බාධා පමුණුවා ඇත.

ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කටුනායක ගුවන් තොටුපළෙන් ඩුබායි බලා විදේශ ගතවීමට ගුවන් යානයක් තුළ සිටියදී ය. රූපවාහිනී සංස්ථා ගොඩනැගිල්ලට බලහත්කාරයෙන් ඇතුළු වීම යන චෝදනාව මත ඔහුව මෙලෙස අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

Continue Reading

උණුසුම් පුවත්

රනිල්ට ඉන්දියාවෙන් විශේෂ ඇමතුමක්

පවතින දේශපාලන අස්ථාවරභාවය ඇති කිරීම කෙරෙහි චීන මැදිහත්වීම කෙසේහෝ නතර කර යුතු බවත් ඒ සඳහා RAW (ඉන්දීය බුද්ධි සේවය) වැඩබලන ජනාධිපතිවරයාට විශේෂ වාර්තාවක් එයේ ලබා දී ඇත. ඉන් අනතුරුව ඉන්දීය රජයේ ප්‍රභල අමාත්‍ය වරයෙක් වැඩ බලන ජනාධිපතිවරයා දුරකථනයෙන් අමතා සිය සහයෝගය ප්‍රකාශයට පත් කර ඇත. එලෙස පැවසු පරිදිම තොණ්ඩමන් ගේ පක්ෂයේ සහය රනිල් වික්‍රමසිංහ වෙත පල කරන බව අද නිවේදනය කර තිබුණි. වාර්තා වන පරිදි දෙමළ ජාතික සන්දානයේ බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් තම රහස් ඡන්දය වැඩබලන ජනාධිපතිවරයාට ලබා දීමට තීරණය කර ඇත. ඒ රියේ රාත්‍රියේ රනිල් වික්‍රමසිංහ මහතාව රහසිගතව හමුවීමෙන් පසුවයි.

Continue Reading

උණුසුම් පුවත්

බැසිල් රටින් යාම නාට්‍යක් ! ඒ අතරේ ගෝඨා හොරෙන්ම ඩුබායි ගිහින්.

එයේ රාත්‍රියේ ඇමරිකාව බලා පිටව යාමට අද (12) අළුයම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට පැමිණි බැසිල් රාජපක්ෂ මහතාට එහිදී දැඩි විරෝධයක් එල්ල වී ආපසු එම රාජපක්ෂ තිර පිටපතක් බව අප දේශපාලන වාර්තාකරු අණාවරණය කරයි.

සියලු දෙනාගේ අවධානය ඒ වෙත යොමු වෙද්දි. ගෝඨාභය හොර රහසේම රටින් පිට වී ඇති බව වාර්තා වේ. බැසිල් ගේ ගුවන් ටිකට් පත් සමාජ ජාලා වෙත මුදා හැර ඇත්තේ මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට බව වාර්තා වේ. බුද්ධි අංශ ප්‍රධානියා විසින් GREXIT මිෂන් එක බාරව කටයුතු කරමින් ඇත.

මෙලෙස ටිකට්පත් රාශියක් වෙන්කර ඇත්තේ විශාල සමාජ අවධානයක් ලබා ගැනීමට බව සැක සහිතය .

Continue Reading

Facebook

Advertisement

Updates

උණුසුම් පුවත්2 months ago

ඩුබායි යන්න ගිය අරගලකරු ගුවන් යානයේදී අත්අඩංගුවට !

පසුගිය දා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට බලහත්කාරයෙන් ඇතුළු වී සජීවී විකාශයකට එක්වූ ‘දනිස් අලි’ යන අය අත්අඩංගුවට ගෙන තිබේ. ගාලු...

උණුසුම් පුවත්2 months ago

රනිල්ට ඉන්දියාවෙන් විශේෂ ඇමතුමක්

පවතින දේශපාලන අස්ථාවරභාවය ඇති කිරීම කෙරෙහි චීන මැදිහත්වීම කෙසේහෝ නතර කර යුතු බවත් ඒ සඳහා RAW (ඉන්දීය බුද්ධි සේවය) වැඩබලන...

උණුසුම් පුවත්3 months ago

බැසිල් රටින් යාම නාට්‍යක් ! ඒ අතරේ ගෝඨා හොරෙන්ම ඩුබායි ගිහින්.

එයේ රාත්‍රියේ ඇමරිකාව බලා පිටව යාමට අද (12) අළුයම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට පැමිණි බැසිල් රාජපක්ෂ මහතාට එහිදී දැඩි...

උණුසුම් පුවත්3 months ago

අරලියගහ මන්දිරයත් ජනතාව යටතට!

විරෝධතාකරුවන් මේ වන විට අග්‍රාමාත්‍යවරයාගේ නිල නිවස වන අරලියගහ මන්දිරියට ඇතුළු වී ඇතැයි වාර්තා වේ. වාර්තාකරුවන් පවසන ආකාරයට විශාල පිරිසක්...

උණුසුම් පුවත්3 months ago

ගෝඨාභය ඉල්ලා අස්වෙයි!

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී ඇති බවට වාර්තා වේ.

උණුසුම් පුවත්3 months ago

කොළඹ රැය ගෙවන අන්තරේ!

අද දහවල් රොද බඳිමු – පන්නමු යන තේමාව යටතේ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය විරෝධතා පා ගමනකින් කොළඹ වෙත පැමිණියා....

Off Road3 months ago

ජපානයේ දීර්ඝතම අගමැති ධුරය දැරූ උරුමක්කරු!

ජපානයේ දීර්ඝතම අගමැති ධුරය දැරූ ෂින්සෝ අබේ ඔහුගේ විශේෂ විදේශ ප්‍රතිපත්තිය “ඇබෙනොමික්ස්” ලෙස ජනප්‍රිය වූ අතර එය ආර්ථික උපාය මාර්ගයන්...

උණුසුම් පුවත්3 months ago

ඉන්ධන පිරවුම්හලක ගින්නක් !

මහියංගනය හසලක ඉන්ධන පිරවුම්හලේ ගින්නක් ඇති වී ඇති බවට වාර්තා වේ.මේ සමබන්ධව හසලක පොලිසිය පැවසුවේ සවස ඉන්ධන පිරවුම්හල් ගොඩනැගිල්ලක ගින්නක්...

උණුසුම් පුවත්3 months ago

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හෙට දිනයේ ඉවත් වෙයි!

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා වූ සාකච්ඡාවලින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරන්නේ...

Off Road3 months ago

අරගලයට එජාප සහය!

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා විසින් ලිපියක් නිකුත් කරමින් දන්වා සිටින්නේ සාමකාමී අදහස් ප්‍රකාශ කිරීමට සහ නිදහස්...

Advertisement
Advertisement

Trending

Copyright © 2020 Lanka C News