Connect with us

උණුසුම් පුවත්

කවුද හොඳම? – අසංක හදිරම්පෑල

ශ්‍රී ලංකාවෙන් බිහිවුණු දක්ෂතම වේගපන්දු යවන්නා ලසිත් මාලිංග කියලා හිතාගෙන ඉන්න චූටි පුතාලා හැමතැනම. එහෙම කිව්වහම මේ ‘මාලිංග ෆෑන් දරුවන්ට’ තරහ ගිහින් මෙහෙම අහනවා. ‘අපේ මාලි අන්තිම ඕවර් කීයක නම් මැච් කීයක් බේරලා තියෙනවද ? හැට්-ට්‍රික්ම කීයද ? කොණ්ඩෙම කොච්චර හැඩද ? කටම කොච්චර සැරද ? තොට පිස්සුද මී හරකා ! ක්‍රිකට් දන්නැති එකා !’

ඔව්, මාලිංග මැච් බේරලා තියෙනවා. එකක් නෙමෙයි ගොඩක්. 2014 දි 20-20 ලෝක කුසලාන අවසන් මහා තරගයෙදි දෝනි සහ යුවරාජ්ව හිර කරපු හිර කිරිල්ල ඇතුළුව. කඩුලු ත්‍රිත්වයන් කිහිපයකුත් ඇතුළුව. එක පිට කඩුලු 4 දවාගත් අවස්ථා ඇතුළුව. මාලිංග කියන්නෙ විවාදයකින් තොරවම ලෝක මට්ටමේ වේගපන්දු යවන්නෙක්.

හැබැයි මේ කතාවත් අහන්නකෝ ඉතින් පුතාලා ටික…

අපට හිටියා චමින්ද වාස් කියලා වමත් මැදිවේග පන්දු යවන්නෙක්. එයා පැ.කි.මී. 140 ක විතර හයියෙන් පන්දු යැව්වෙ නම් නෑ. වැඩිපුර තරග ලැබුනෙත් මැරිච්ච තණතීරුවල. යෝකර් කින්ග් කියලා කවුරුත් කිව්වෙත් නෑ. ෆෑන් ක්ලබ් එකක් තිබුනෙත් නෑ. කවුරුත් එයා වගේ කොණ්ඩ දැම්මෙත් නෑ. යෝකර්ස් 6 ක් එකදිගට දැම්මෙත් නෑ. හැබැයි එයා මැච් බේරුවා, එක ක්‍රමයකින්.

පළවෙනි පන්දුවාර 5 ඇතුළත ප්‍රතිවාදී පිතිකරණ බල ඇණියෙ අත පය ගලවලා. ඒ කියන්නෙ පළමු කඩුලු 2-3 අතරට ඉක්මණින් ගිහිල්ලා, පීඩනය මැදට ප්‍රතිවාදී හොඳම පිතිකරුවන් ඉක්මණින් ගෙනල්ලා, අනෙක් පන්දු යවන්නන්ට ඔවුන්ව දවාගන්න අවස්ථාව හදලා දුන්නා.

ආරම්භක වේගපන්දු යවන්නෙක් කරන්න ඕන එච්චරයි.

හැබැයි එයා ඊට වඩා දේවල් කරා. කණ්ඩායමට ඕන නම් මැද ඕවර්ස්වල විකට් ගන්න, එයා ඒකත් කරලා දුන්නා. අන්තිම ඕවර්ස් 10 දිත් ඇවිත් කඩුලු ගත්තා. විවිධ පන්දු යැව්වා. බවුන්සර්, ඉන් ස්වින්ග්, අවුට් ස්වින්ග්, කටර්ස්, ස්ලෝ බෝල්, යෝකර්ස් වගේ. 2004 පෙබරවාරියෙදි අන්තිම ඕවරේක ලකුණු 8 ක් ඩිෆෙන්ඩ් කරපු හැටි තාම මතකයි. එදා එතකොට බැට් කරේ අති ප්‍රවේගකාරියෙක් වෙච්ච ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ඇන්ඩෲ සයිමන්ඩ්ස් කියලා ඊටත් වඩා හොඳට මතකයි. (2008දි ෂිව්නරින් චන්ද්‍රපෝල් බෝල් 2 කට ලකුණු 10 ක් ගහලා මැච් එකක් වාස්ගෙන් උදුරගත්තු එකත් මතක නිසා ඒක පැත්තකින් තියමුකෝ)

ටෙස්ට් තරගවලදි වාස් වෙනම ජොබ් එකකුත් කළා. මුත්තයියා මුරලිදරන් කියන ශ්‍රේෂ්ඨ දගපන්දු යවන්නා තමන්ට තරමක් වාසි තණතීරු මත එක් අන්තෙකින් පන්දු යවද්දී, වාස් දාඩිය පෙරාගෙන අනෙක් අන්තෙන් පන්දු යැව්වා. ඒවා බොහෝවිට මැරිච්ච තණතීරු. ‘මට ආබාධ එනවය, මං දිහා කවුරුත් බැලුවෙ නැතය, කඩුල්ලේ තණකොළ නැතය, ඔක්කොම බැලුවෙ මුරලි දිහාය’ කියලා කියනව මේ වෙනතුරු දැකලා නෑ. එයා අවුරුදු ගානක් ක්‍රිකට් ගැහුවෙ කොන්දේ ආබාධයක් තියාගෙන. හැබැයි දූවිලි පිරුණු, වේලුණු විකට් එකක පන්දු යවන්න ඕන කොහොමද කියලා එයා අත්දැකීමෙන් ඉගෙන ගත්තා.

එයාට මුහුදෙන් එහාත් එකයි, මෙහාත් එකයි. මැරිච්ච විකට් උඩ ගහපු සමහර තරගවලදි ලොව ශ්‍රේෂ්ඨතම දගපන්දු යවන්නා කඩුලු 5 යි, වාස් 4 යි. වාස් එච්චර තරගකාරියි. 
සමහර වෙලාවට මුරලිදරන්ටත් පිතිකරුවෙක් වදයක් වෙනකොට මුරලි කෙලින්ම යන්නෙ වාස් ළගට. ‘මට අහවලා ගලවලා දියන්’, මුරලි ඔහොම කියපු බව වාස් අද කියන්නෙත් ඇහුවොතින් විතරයි.

ජාත්‍යන්තර ක්‍රිකට් වලින් විශ්‍රාම යනකොට එයා මෙහෙම දේවල් කරලා තිබුනා.
ටෙස්ට් තරග 111 කදී කඩුලු 355 යි.
එක්දින තරග 322 කදී කඩුලු 400 යි. (ලෝකයෙන්ම 4)
ටෙස්ට් කඩුලු 300 සහ එක්දින කඩුලු 400 පසුකළ එකම ශ්‍රී ලංකා වේගපන්දු යවන්නා.
ජාත්‍යන්තර ඉනිමකදී කඩුලු 5 දස්කම් – 16 යි.
එක්දින කඩුලු ත්‍රිත්ව – 2 යි.
ලොව හොඳම එක්දින පන්දු යැවීම – 19/8 (2001)
එක්දින තරග පන්දුවාරයක් තුළ පන්දු යවන්නෙකු විසින් ලබාගත් වැඩිම කඩුලු ප්‍රමාණය – 4 (2003)
ලොව එක්දින තරගයක ආරම්භක පන්දු 3 න් කඩුලු ත්‍රිත්වයක් වාර්තා කළ එකම පන්දු යවන්නා
එක්දින තරගයක පළමු පන්දුවෙන්ම වැඩිම කඩුලු දවාගත් පන්දු යවන්නා – 5
ලෝක කුසලාන තරගාවලියකදී වැඩිම කඩුලු වාර්තා කළ ශ්‍රී ලාංකිකයා – කඩුලු 23 (2003)
දැනට වසර 142 ක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය තුළ ටෙස්ට් ලකුණු 3000 සහ ටෙස්ට් කඩුලු 300 පසුකළ එකම ශ්‍රී ලාංකිකයා. (ලොව 9 දෙනාගෙන් එක් අයෙක්)

එයා කණ්ඩායම වෙනුවෙන් පිත්තෙන් වුණත් අවස්ථාව ලැබුනොත් දායක වෙන්න දෙපාරක් හිතුවෙ නෑ. ඒ කාලෙ වාස්ව හැඳින්වුවෙ පන්දු යවන්නෙක් හැටියට විතරයි. ඒත් අද ලංකාවෙ ඉන්නවයි කියන තුන් ඉරියව් ක්‍රීඩකයන්ටත් වඩා හොඳට එයා අවශ්‍යම මොහොතේ පිත්ත හසුරුවලා තරග දිනවලා තියෙනවා.

දැන් එයා ජාත්‍යන්තර ක්‍රිකට්වලින් විශ්‍රාම අරගෙනත් අවුරුදු 10 කට කිට්ටුයි. ඒත් තාමත් ‘වැඩ්ඩා මම’ය කියනවා අහලා නෑ.

‘එයා වැඩ්ඩා’ය කියන්නෙ ක්‍රිකට් හොඳට බලපු දෙස් විදෙස් ප්‍රේක්ෂකයො සහ විචාරකයො. ඩීන් ජෝන්ස් එයාට කිව්වෙ “Doctor death” කියලා. මැරුණු තණතීරුවල, අවසන් පන්දුවාරවලදි එයා කරපු දේවලුයි, පිතිකරුවෙකු තමන්ටවත් නොදැනී මරණය කරා සූදානම් කරවපු අපූරුවයි නිසයි තමයි ඒ.

ඉතින් චමින්ද වාස් තමයි ඔහුගෙ නම. ඔහු තමයි මෙතෙක් ශ්‍රී ලංකාවෙන් බිහිවුණු දක්ෂතම ජාත්‍යන්තර වේගපන්දු යවන්නා. සැකයක් එහෙම තියෙනවා නම් පරණ මැච් ටිකක් හොයාගෙන බලන්නකෝ. මේවා ඊළඟ පරපුරට භාරදෙන එක අපේ වගකීමනේ.

ඒත් විශ්වාස නැතිනම් සචින් ටෙන්ඩුල්කාර්ගෙන් ඇහුවත් කමක් නෑ. එක්දින ක්‍රිකට්වලදි විතරක් වාස් 9 වතාවක් සචින්ව කොර කරලා අවුට් කරලා තියෙනවා. ඔය කොරෝනාවලට කලින් තිබුණු ‘ලෙජන්ඩ්ස් තරගාවලියෙදිත්’ සචින්ට පුදුම වදයක්නෙ මේ චමින්ද වාස් අංකල් දුන්නෙ.

සචින් ටෙන්ඩුල්කාර් කියන්නෙත් කබ්බෙක් නෙමෙයිනෙ ඉතින් නේද ? ඒ විතරක්යැ, වාස් ක්‍රිකට් පටන්ගත්තු කාලෙ ඉඳන්ම ඔහුට අහන්න ලැබුනෙ ‘තමුසෙ වැඩක් නෑ ඕයි’ කියන එක. MRF ඇකඩමියෙදි ඩෙනිස් ලිලී වගේ අත්දැකීම් බහුල වේගපන්දු උපදේශකයන් පවා කිව්වෙ ‘උඹ නම් මදි !’ කියන එකමයි.

ඒත් මේ වාස් අංකල්ට තිබුනා ලොකු ගටක්. ඒ නිසා තනියෙන් මහන්සි වුනා. ආබාධ ආවත් නාවත්. බෝල 6 ඕවර් 20-25 දැම්මා. ටෙස්ට් මැච්වලදිත් මුරලි එක්ක හරි හරියට ඕවර් 20-25 දාපු අවස්ථා තිබුනා. මස් පිඩුවක්වත් රිදෙන්නැතුව ඒ වැඩේ කරන්න පුළුවන් කියලද පුතාලා හිතන්නෙ ? බෑනෙ, වේගපන්දු යවද්දි එහෙම බෑනෙ. රිදුම් ඉවසන්න වෙනවනෙ. ඉතින් අවුරුදු කිහිපයක් යද්දි, අන්තිමට ඔප්පු වුනා කවුද වැඩක් ඇත්තෙ, කවුද වැඩක් නැත්තෙ කියලා.

Click to comment

උණුසුම් පුවත්

ඩුබායි යන්න ගිය අරගලකරු ගුවන් යානයේදී අත්අඩංගුවට !

පසුගිය දා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට බලහත්කාරයෙන් ඇතුළු වී සජීවී විකාශයකට එක්වූ ‘දනිස් අලි’ යන අය අත්අඩංගුවට ගෙන තිබේ. ගාලු මුවදොර අරගලකරුවන් සමඟ අරගලයේ යෙදී සිටි මොහු පසුගිය 13 වනදා රූපවාහිනී සංස්රථාවට බලහත්කාරයෙන් ඇතුළු වී එහි කාර්කයමණ්ඩලයට සහ වැඩසටහන් විකාශනයන් ට බාධා පමුණුවා ඇත.

ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කටුනායක ගුවන් තොටුපළෙන් ඩුබායි බලා විදේශ ගතවීමට ගුවන් යානයක් තුළ සිටියදී ය. රූපවාහිනී සංස්ථා ගොඩනැගිල්ලට බලහත්කාරයෙන් ඇතුළු වීම යන චෝදනාව මත ඔහුව මෙලෙස අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

Continue Reading

උණුසුම් පුවත්

රනිල්ට ඉන්දියාවෙන් විශේෂ ඇමතුමක්

පවතින දේශපාලන අස්ථාවරභාවය ඇති කිරීම කෙරෙහි චීන මැදිහත්වීම කෙසේහෝ නතර කර යුතු බවත් ඒ සඳහා RAW (ඉන්දීය බුද්ධි සේවය) වැඩබලන ජනාධිපතිවරයාට විශේෂ වාර්තාවක් එයේ ලබා දී ඇත. ඉන් අනතුරුව ඉන්දීය රජයේ ප්‍රභල අමාත්‍ය වරයෙක් වැඩ බලන ජනාධිපතිවරයා දුරකථනයෙන් අමතා සිය සහයෝගය ප්‍රකාශයට පත් කර ඇත. එලෙස පැවසු පරිදිම තොණ්ඩමන් ගේ පක්ෂයේ සහය රනිල් වික්‍රමසිංහ වෙත පල කරන බව අද නිවේදනය කර තිබුණි. වාර්තා වන පරිදි දෙමළ ජාතික සන්දානයේ බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් තම රහස් ඡන්දය වැඩබලන ජනාධිපතිවරයාට ලබා දීමට තීරණය කර ඇත. ඒ රියේ රාත්‍රියේ රනිල් වික්‍රමසිංහ මහතාව රහසිගතව හමුවීමෙන් පසුවයි.

Continue Reading

උණුසුම් පුවත්

බැසිල් රටින් යාම නාට්‍යක් ! ඒ අතරේ ගෝඨා හොරෙන්ම ඩුබායි ගිහින්.

එයේ රාත්‍රියේ ඇමරිකාව බලා පිටව යාමට අද (12) අළුයම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට පැමිණි බැසිල් රාජපක්ෂ මහතාට එහිදී දැඩි විරෝධයක් එල්ල වී ආපසු එම රාජපක්ෂ තිර පිටපතක් බව අප දේශපාලන වාර්තාකරු අණාවරණය කරයි.

සියලු දෙනාගේ අවධානය ඒ වෙත යොමු වෙද්දි. ගෝඨාභය හොර රහසේම රටින් පිට වී ඇති බව වාර්තා වේ. බැසිල් ගේ ගුවන් ටිකට් පත් සමාජ ජාලා වෙත මුදා හැර ඇත්තේ මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට බව වාර්තා වේ. බුද්ධි අංශ ප්‍රධානියා විසින් GREXIT මිෂන් එක බාරව කටයුතු කරමින් ඇත.

මෙලෙස ටිකට්පත් රාශියක් වෙන්කර ඇත්තේ විශාල සමාජ අවධානයක් ලබා ගැනීමට බව සැක සහිතය .

Continue Reading

Facebook

Advertisement

Updates

උණුසුම් පුවත්2 months ago

ඩුබායි යන්න ගිය අරගලකරු ගුවන් යානයේදී අත්අඩංගුවට !

පසුගිය දා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට බලහත්කාරයෙන් ඇතුළු වී සජීවී විකාශයකට එක්වූ ‘දනිස් අලි’ යන අය අත්අඩංගුවට ගෙන තිබේ. ගාලු...

උණුසුම් පුවත්2 months ago

රනිල්ට ඉන්දියාවෙන් විශේෂ ඇමතුමක්

පවතින දේශපාලන අස්ථාවරභාවය ඇති කිරීම කෙරෙහි චීන මැදිහත්වීම කෙසේහෝ නතර කර යුතු බවත් ඒ සඳහා RAW (ඉන්දීය බුද්ධි සේවය) වැඩබලන...

උණුසුම් පුවත්3 months ago

බැසිල් රටින් යාම නාට්‍යක් ! ඒ අතරේ ගෝඨා හොරෙන්ම ඩුබායි ගිහින්.

එයේ රාත්‍රියේ ඇමරිකාව බලා පිටව යාමට අද (12) අළුයම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට පැමිණි බැසිල් රාජපක්ෂ මහතාට එහිදී දැඩි...

උණුසුම් පුවත්3 months ago

අරලියගහ මන්දිරයත් ජනතාව යටතට!

විරෝධතාකරුවන් මේ වන විට අග්‍රාමාත්‍යවරයාගේ නිල නිවස වන අරලියගහ මන්දිරියට ඇතුළු වී ඇතැයි වාර්තා වේ. වාර්තාකරුවන් පවසන ආකාරයට විශාල පිරිසක්...

උණුසුම් පුවත්3 months ago

ගෝඨාභය ඉල්ලා අස්වෙයි!

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී ඇති බවට වාර්තා වේ.

උණුසුම් පුවත්3 months ago

කොළඹ රැය ගෙවන අන්තරේ!

අද දහවල් රොද බඳිමු – පන්නමු යන තේමාව යටතේ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය විරෝධතා පා ගමනකින් කොළඹ වෙත පැමිණියා....

Off Road3 months ago

ජපානයේ දීර්ඝතම අගමැති ධුරය දැරූ උරුමක්කරු!

ජපානයේ දීර්ඝතම අගමැති ධුරය දැරූ ෂින්සෝ අබේ ඔහුගේ විශේෂ විදේශ ප්‍රතිපත්තිය “ඇබෙනොමික්ස්” ලෙස ජනප්‍රිය වූ අතර එය ආර්ථික උපාය මාර්ගයන්...

උණුසුම් පුවත්3 months ago

ඉන්ධන පිරවුම්හලක ගින්නක් !

මහියංගනය හසලක ඉන්ධන පිරවුම්හලේ ගින්නක් ඇති වී ඇති බවට වාර්තා වේ.මේ සමබන්ධව හසලක පොලිසිය පැවසුවේ සවස ඉන්ධන පිරවුම්හල් ගොඩනැගිල්ලක ගින්නක්...

උණුසුම් පුවත්3 months ago

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හෙට දිනයේ ඉවත් වෙයි!

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා වූ සාකච්ඡාවලින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරන්නේ...

Off Road3 months ago

අරගලයට එජාප සහය!

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා විසින් ලිපියක් නිකුත් කරමින් දන්වා සිටින්නේ සාමකාමී අදහස් ප්‍රකාශ කිරීමට සහ නිදහස්...

Advertisement
Advertisement

Trending

Copyright © 2020 Lanka C News