Connect with us

උණුසුම් පුවත්

ගුවන්තොටුපල විවෘත කර සංචාරකයන් ගෙන්වන්න සියල්ල සූදානම්.. නියෝජිතයන්ට සූදානම් වන්නැයි දැනුම් දෙයි..

ගුවන්තොටුපල විවෘත කර සංචාරකයන් සදහා රට විවෘත කිරීමට සියල්ල සුදානම් බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

සෞඛ්‍ය බලධාරීන් සමග මේ සම්බන්ධයෙන් පවතින සාකච්ඡා අවසන් අදියරේ පවතින බවද ඔහු පෙන්වා දෙයි.

මෙරට ගුවන් මෙහෙයුම් වල නිරත වන ගුවන්සේවා නියෝජිතයන් හා ඇමතිවරයා අතර (10) පැවති විශේෂ සාකච්ඡාවකදී ඇමතිවරයා මේ බව දැනුම් දුන්නේය. මෙම සාකච්ඡාව ලෝක වෙළද මධ්‍යස්ථානයේ පිහිටි සංචාරක අමාත්‍ය කාර්යාලයේදි පැවැත්විණ. ගුවන්තොටුපල හා ගුවන්සේවා සමාගම, සිවිල් ගුවන්සේවා අධිකාරිය හා සංචාරක සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

ගුවන්තොටුපල හා රට කඩිනමින් සංචාරකයන්ට විවෘත කිරීමට අපේක්ෂා කරන බැවින් ඒ සදහා සුදානම් වන ලෙසද ඇමතිවරයා මෙහිදි ගුවන්සේවා නියෝජිතයන්ට දැනුම් දුන්නේය. ගුවන්සේවා සමාගමේ නියෝජිතයන් මෙහිදි කියා සිටියේ ශ්‍රී ලංකාවට නැවත ගුවන් ගමන් ආරම්භ කිරීමට සුදානම් බවයි. සෞඛ්‍ය ආරක්ෂිතව සංචාරකයන් මෙරටට ගෙන ඒමට සුදානම් බවද ඔවුන් කියා සිටියහ.

ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහිදි ආවධාරණය කලේ සංචාරකයන්ට රට විවෘත කලද මෙරට වැසියන්ගේ ආරක්ෂාව පිළිබදව රජය දැඩි ලෙස සැලකිලිමත් වන බවයි. ඒ නිසා නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ ක්‍රියාත්මක කරමින් සංචාරකයන්ට රට විවෘත කිරීම සිදු කල යුතු බව ඇමතිවරයා අවධාරනය කලේය. ගුවන්තොටුපල හා සංචාරකයන්ට රට විවෘත කිරීමෙන් පසු ඒ සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු ක්‍රම වේදය පිළිබද මෙහිදි දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණ.

මෙහිදි ඇමතිවරයා අවධාරනය කලේ සංචාරකයන් දිවයිනට පැමිණි පසු ඔවුන් රැදී සිටින හෝටල් සහ වාසස්ථාන සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩි ලෙස අනුගමනය කළ යුතු බවයි. එලෙස සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩි ලෙස අනුගමනය නොකරන හෝටල් සහ වාසස්ථාන අසාදු ලේඛණ ගත කරන බවද ඇමතිවරයා කිවේය. සංචාරකයන් රදවා ගැනීමට අපේක්ෂා කරන හෝටල් හා වාසස්ථාන සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරන බවට සහතිකයකයක් ලබා ගැනීම අනිවාර්යය කර තිබේ. එම සහතිකය සංචාරක සංවර්ධන අධිකාරිය මගින් ලබා ගත හැකිය එය සංචාරක සංවර්ධන අධිකාරිය මගින් ලබා දෙන්නේ සම්පූර්ණයෙන්ම නොමිලේයි. ඊට අදාල අයදුම්පත් ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ තවමත් භාර ගන්නා බවද මෙහිදි අවදාරණය කෙරිණ.

– ප්‍රදීප් අනුර කුමාර

Click to comment

උණුසුම් පුවත්

ඩුබායි යන්න ගිය අරගලකරු ගුවන් යානයේදී අත්අඩංගුවට !

පසුගිය දා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට බලහත්කාරයෙන් ඇතුළු වී සජීවී විකාශයකට එක්වූ ‘දනිස් අලි’ යන අය අත්අඩංගුවට ගෙන තිබේ. ගාලු මුවදොර අරගලකරුවන් සමඟ අරගලයේ යෙදී සිටි මොහු පසුගිය 13 වනදා රූපවාහිනී සංස්රථාවට බලහත්කාරයෙන් ඇතුළු වී එහි කාර්කයමණ්ඩලයට සහ වැඩසටහන් විකාශනයන් ට බාධා පමුණුවා ඇත.

ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කටුනායක ගුවන් තොටුපළෙන් ඩුබායි බලා විදේශ ගතවීමට ගුවන් යානයක් තුළ සිටියදී ය. රූපවාහිනී සංස්ථා ගොඩනැගිල්ලට බලහත්කාරයෙන් ඇතුළු වීම යන චෝදනාව මත ඔහුව මෙලෙස අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

Continue Reading

උණුසුම් පුවත්

රනිල්ට ඉන්දියාවෙන් විශේෂ ඇමතුමක්

පවතින දේශපාලන අස්ථාවරභාවය ඇති කිරීම කෙරෙහි චීන මැදිහත්වීම කෙසේහෝ නතර කර යුතු බවත් ඒ සඳහා RAW (ඉන්දීය බුද්ධි සේවය) වැඩබලන ජනාධිපතිවරයාට විශේෂ වාර්තාවක් එයේ ලබා දී ඇත. ඉන් අනතුරුව ඉන්දීය රජයේ ප්‍රභල අමාත්‍ය වරයෙක් වැඩ බලන ජනාධිපතිවරයා දුරකථනයෙන් අමතා සිය සහයෝගය ප්‍රකාශයට පත් කර ඇත. එලෙස පැවසු පරිදිම තොණ්ඩමන් ගේ පක්ෂයේ සහය රනිල් වික්‍රමසිංහ වෙත පල කරන බව අද නිවේදනය කර තිබුණි. වාර්තා වන පරිදි දෙමළ ජාතික සන්දානයේ බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් තම රහස් ඡන්දය වැඩබලන ජනාධිපතිවරයාට ලබා දීමට තීරණය කර ඇත. ඒ රියේ රාත්‍රියේ රනිල් වික්‍රමසිංහ මහතාව රහසිගතව හමුවීමෙන් පසුවයි.

Continue Reading

උණුසුම් පුවත්

බැසිල් රටින් යාම නාට්‍යක් ! ඒ අතරේ ගෝඨා හොරෙන්ම ඩුබායි ගිහින්.

එයේ රාත්‍රියේ ඇමරිකාව බලා පිටව යාමට අද (12) අළුයම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට පැමිණි බැසිල් රාජපක්ෂ මහතාට එහිදී දැඩි විරෝධයක් එල්ල වී ආපසු එම රාජපක්ෂ තිර පිටපතක් බව අප දේශපාලන වාර්තාකරු අණාවරණය කරයි.

සියලු දෙනාගේ අවධානය ඒ වෙත යොමු වෙද්දි. ගෝඨාභය හොර රහසේම රටින් පිට වී ඇති බව වාර්තා වේ. බැසිල් ගේ ගුවන් ටිකට් පත් සමාජ ජාලා වෙත මුදා හැර ඇත්තේ මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට බව වාර්තා වේ. බුද්ධි අංශ ප්‍රධානියා විසින් GREXIT මිෂන් එක බාරව කටයුතු කරමින් ඇත.

මෙලෙස ටිකට්පත් රාශියක් වෙන්කර ඇත්තේ විශාල සමාජ අවධානයක් ලබා ගැනීමට බව සැක සහිතය .

Continue Reading

Facebook

Advertisement

Updates

උණුසුම් පුවත්2 months ago

ඩුබායි යන්න ගිය අරගලකරු ගුවන් යානයේදී අත්අඩංගුවට !

පසුගිය දා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට බලහත්කාරයෙන් ඇතුළු වී සජීවී විකාශයකට එක්වූ ‘දනිස් අලි’ යන අය අත්අඩංගුවට ගෙන තිබේ. ගාලු...

උණුසුම් පුවත්2 months ago

රනිල්ට ඉන්දියාවෙන් විශේෂ ඇමතුමක්

පවතින දේශපාලන අස්ථාවරභාවය ඇති කිරීම කෙරෙහි චීන මැදිහත්වීම කෙසේහෝ නතර කර යුතු බවත් ඒ සඳහා RAW (ඉන්දීය බුද්ධි සේවය) වැඩබලන...

උණුසුම් පුවත්3 months ago

බැසිල් රටින් යාම නාට්‍යක් ! ඒ අතරේ ගෝඨා හොරෙන්ම ඩුබායි ගිහින්.

එයේ රාත්‍රියේ ඇමරිකාව බලා පිටව යාමට අද (12) අළුයම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට පැමිණි බැසිල් රාජපක්ෂ මහතාට එහිදී දැඩි...

උණුසුම් පුවත්3 months ago

අරලියගහ මන්දිරයත් ජනතාව යටතට!

විරෝධතාකරුවන් මේ වන විට අග්‍රාමාත්‍යවරයාගේ නිල නිවස වන අරලියගහ මන්දිරියට ඇතුළු වී ඇතැයි වාර්තා වේ. වාර්තාකරුවන් පවසන ආකාරයට විශාල පිරිසක්...

උණුසුම් පුවත්3 months ago

ගෝඨාභය ඉල්ලා අස්වෙයි!

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී ඇති බවට වාර්තා වේ.

උණුසුම් පුවත්3 months ago

කොළඹ රැය ගෙවන අන්තරේ!

අද දහවල් රොද බඳිමු – පන්නමු යන තේමාව යටතේ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය විරෝධතා පා ගමනකින් කොළඹ වෙත පැමිණියා....

Off Road3 months ago

ජපානයේ දීර්ඝතම අගමැති ධුරය දැරූ උරුමක්කරු!

ජපානයේ දීර්ඝතම අගමැති ධුරය දැරූ ෂින්සෝ අබේ ඔහුගේ විශේෂ විදේශ ප්‍රතිපත්තිය “ඇබෙනොමික්ස්” ලෙස ජනප්‍රිය වූ අතර එය ආර්ථික උපාය මාර්ගයන්...

උණුසුම් පුවත්3 months ago

ඉන්ධන පිරවුම්හලක ගින්නක් !

මහියංගනය හසලක ඉන්ධන පිරවුම්හලේ ගින්නක් ඇති වී ඇති බවට වාර්තා වේ.මේ සමබන්ධව හසලක පොලිසිය පැවසුවේ සවස ඉන්ධන පිරවුම්හල් ගොඩනැගිල්ලක ගින්නක්...

උණුසුම් පුවත්3 months ago

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හෙට දිනයේ ඉවත් වෙයි!

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා වූ සාකච්ඡාවලින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරන්නේ...

Off Road3 months ago

අරගලයට එජාප සහය!

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා විසින් ලිපියක් නිකුත් කරමින් දන්වා සිටින්නේ සාමකාමී අදහස් ප්‍රකාශ කිරීමට සහ නිදහස්...

Advertisement
Advertisement

Trending

Copyright © 2020 Lanka C News