Connect with us

උණුසුම් පුවත්

ආණ්ඩුවේ ටෙන්ඩර් ගන්නා දිලිත්ව රාජ්‍ය සේවා කොමිසමට : සෞභාග්‍යයේ දැක්ම මේකද ? ජනාධිපතිට ලිපියක් !

රාජ්‍ය සේවය පිළිබඳව කිසිදු අත්දැකීමක් නැති රාජ්‍ය නිලධාරීන් සමග රාජකාරිමය කිසිදු කාර්යයක නියලී නැති පෞද්ගලික ව්‍යාපාරික කටයුතුවල නියුතු නුසුදුසු පුද්ගලයන් රාජ්‍ය සේවා කොමිසමට  පත්කිරීම රාජ්‍ය සේවයට එල්ල කරන ලද බරපතල අතුල් පහරක් බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ.ඩී. ලාල් කාන්ත චෝදනා කරයි.

ඔහු මෙලෙස චෝදනා කර ඇත්තේ ඊයේ (26) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත යොමුකළ ලිපියක් හරහා ය.

අදාළ නොසුදුසු පත්කිරීම් හමුවේ  සේවා කොමිසමට වන බලපෑම වඩාත් තීව්ර වන්නේ ආණ්ඩුවේ කොන්ත්‍රාත් ටෙන්ඩර් හරහා තමන්ගේ ව්‍යාපාරික ආයතනවලට ලබාගන්නා ආණ්ඩුව සමග ඝෘජුවම ව්‍යාපාරික කටයුතුවල නියුතු දිලිත් ජයවීර නැමැත්තා රාජ්‍ය සේවා කොමිෂමේ නියෝජිතයෙකු ලෙස පත්කිරීම තුළ බවත් එහි වැඩිදුරටත් සඳහන් කර ඇත.

එම ලිපියේ මෙසේද සඳහන් වෙයි.

රජයේ අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු ප්‍රධානීන් ඇතුළු රාජ්‍ය සේවයේ ඉහල වගකීම් දරණ නිලධාරීන්ගේ පත්කිරීම්, මාරුකිරීම් හා උසස්වීම මෙන්ම විනය කටයුතු සම්බන්ධයෙන් ද වගකීම් දරණ රාජ්‍ය සේවා කොමිෂමේ නියෝජිතයෙකු විසින් ඉදිරිපත් කර ඇති ටෙන්ඩර් පත්‍රිකා සම්බන්ධයෙන් සාධාරණ තීන්දු ගැනීමේ අයිතිය මෙමගින් අහෝසිකර ඇති බව ඔබතුමාට නොතේරීම පුදුමසහගතය.

මේ කෙලෙසී යන්නේ කොමිෂමේ ස්වාධීනත්වය පමණක් නොව සමස්ත රාජ්‍ය සේවයේම ස්වාධීනත්වයයි !

ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ.ඩී.ලාල් කාන්ත විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත යොමුකළ සම්පූර්ණ ලිපිය පහත දැක්වෙයි.

2020. 11. 26

ගරු ජනාධිපති,

ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා,

ජනාධිපති ලේකම් කාර්යාලය,

කොළඹ 01.

ගරු ජනාධිපතිතුමණි,

රාජ්‍ය සේවා කොමිෂමට නියෝජිතයින් ලෙස නුසදුසු පුද්ගලයන් පත්කිරීම සම්බන්ධවයි.

රාජ්‍ය සේවයේ ඉහල නිලධාරීන් පත්කිරීම්, උසස්කිරීම් හා විනය කටයුතු සම්බන්ධව බලධාරියා වන්නේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවයි. දිගින් දිගටම රාජ්‍ය සේවාවට දේශපාලන අතපෙවීම් සිදුවන්නේ යැයි යන විවේචනය තදින් පවතින පරිසරයකදී එහි ස්වාධිනත්වය ආරක්‍ෂා කර ගැනීම මූලික කර ගනිමින් 17 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් එය පිහිටුවාලූයේ රාජ්‍ය සේවකයාද රාජ්‍ය සේවයේද විනිවිදභාවය අපේක්‍ෂා කරන සියළු දෙනාගේ ආශීර්වාදය ඇතිවය.

ඉන් අනතුරුව 19 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් තවදුරටත් එය තහවුරුවූු අතර, අඩුපාඩුකම් මධ්‍යයේ වුවද එය ක්‍රියාත්මක විය. 20 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව රාජ්‍ය සේවා කොමිෂම වෙත නියෝජිතයින් පත්කිරීමේ පූර්ණ බලය ජනාධිපතිවරයා ලෙස ඔබ විසින් පවරාගෙන ඇත.

එම පත්කිරීම් සිදු කිරීමේ දී කොමිසමේ විෂය පථයට හා බලතල වලට අනුව එම කාර්ය නිවැරදිව හා විනිවිදභාවයෙන් යුතුව ස්වාධීනත්වය ආරක්‍ෂා වන පරිදි කටයුතු කළ හැකි නිලධාරීන් නම් කිරීම පත්වීම් බලධාරියා වන ඔබගේ වගකීමයි.

නමුත්, ඔබ විසින් නව කොමිෂමට නිලධාරීන් පත්කිරීමේ දී රාජ්‍ය සේවය පිළිබඳව කිසිදු අත්දැකීමක් නැති රාජ්‍ය නිලධාරීන් සමග රාජකාරිමය කිසිදු කාර්යයක නියලී නැති පෞද්ගලික ව්‍යාපාරික කටයුතු වල නියුතු නුසුදුසු පුද්ගලයන් පත්කිරීම රාජ්‍ය සේවයට එල්ල කරන ලද බරපතල අතුල් පහරකි. එහි බලපෑම වඩාත් තීව්ර වන්නේ ආණ්ඩුවේ කොන්ත්‍රාත් ටෙන්ඩර් හරහා තමන්ගේ ව්‍යාපාරික ආයතන වලට ලබාගන්නා ආණ්ඩුව සමග ඝෘජුවම ව්‍යාපාරික කටයුතු වල නියුතු දිලිත් ජයවීර නැමැත්තා රාජ්‍ය සේවා කොමිෂමේ නියෝජිතයෙකු ලෙස පත්කිරීමයි. රජයේ අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු ප්‍රධානීන් ඇතුළු රාජ්‍ය සේවයේ ඉහල වගකීම් දරණ නිලධාරීන්ගේ පත්කිරීම්, මාරුකිරීම් හා උසස්වීම මෙන්ම විනය කටයුතු සම්බන්ධයෙන් ද වගකීම් දරණ රාජ්‍ය සේවා කොමිෂමේ නියෝජිතයෙකු විසින් ඉදිරිපත් කර ඇති ටෙන්ඩර් පත්‍රිකා සම්බන්ධයෙන් සාධාරණ තීන්දු ගැනීමේ අයිතිය මෙමගින් අහෝසිකර ඇති බව ඔබතුමාට නොතේරීම පුදුමසහගතය. දිලිත් ජයවීර මහතාම පවසන පරිදි ඔහු ඔබ සමග සමීප සබඳතා පවත්වන අතිජාත මිත්‍රයෙකි. එම සබඳතාවය රාජ්‍ය නිලධාරීන්ට තමන්ගේ කටයුතු නීති ගරුකව යුක්ති සහගතව කරගෙන යෑමට ඇතිකරන බාධාව සුළුපටු නොවේ.

මේ කෙලෙසී යන්නේ කොමිෂමේ ස්වාධීනත්වය පමණක් නොව සමස්ත රාජ්‍ය සේවයේම ස්වාධීනත්වයයි. අහෝසිවී යන්නේ රටත් ජනතාවත් වෙනුවෙන් රාජ්‍ය නිලධාරීන්ට නිවැරදිව හා විනිවිදභාවයකින් යුතුව කටයුතු කිරීමට ඇති අවකාශයයි. මෙයින් ගොඩනැගෙන තත්වය ඔබගේ දැක්ම ලෙස ප්‍රරසිද්ධියට පත්කළ ”සෞභාග්‍යයේ දැක්ම” තුල ඇති විනය ගරුක රටක් ගොඩනැගීමට දායක වන්නේ කෙලෙසද යන්න ප්‍රහේලිකාවකි.

බලතල තමන්ට අවැසි ආකාරයට සකසා ගනිමින් කටයුතු කිරීම අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කරන ලද මරු පහරකි. රාජ්‍ය සේවය යනු යම්කිසි පාලකයෙකුගේ පෞද්ගලික අභිමතයන්ට අනුව කටයුතු කළ යුතු සේවාවක් නොවේ. එහි වගකීම හා වගවීම පවතින්නේ රාජ්‍යට මිස කාලයෙන් කාලයට පත්වන ආණ්ඩු වලට හෝ පාලකයන්ට නොවේ. එය ඔබ වටහාගත් බවක් මෙම පත්කිරීම් තුලින් ගම්‍යමාන නොවේ. එසේම මේ හරහා විද්‍යමාන වන තවත් කරුණක් වන්නේ රාජ්‍ය සේවා කොමිෂම සම්බන්ධයෙන් හා එයට පත්කළ යුතු නියෝජිතයන් සම්බන්ධයෙන් ඔබගේ ඇති අවබෝධයේ ප්‍රමාණයයි. කරුණු මෙසේ හෙයින් මේ පිළිබඳව අගතිමානි නොවී රාජ්‍ය සේවා කොමිෂන් සභාවට එයට ගැලපෙන සුදුසු පුද්ගලයන් පත්කිරීමට කටයුතු කරන ලෙසත් රාජ්‍ය නිලධාරීන්ට කරනු ලබන දේශපාලන බලහත්කාරී මැදිහත් වීම නතර කිරීමට කටයුතු කරන ලෙසත් සමස්ත රාජ්‍ය සේවය වෙනුවෙන් ඔබතුමාට අවධාරණය කිරීමට කැමැත්තෙමි.

ස්තූතියි.

කේ.ඩී.ලාල්කාන්ත

සභාපති,

ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය.

පිටපත් – අගමැති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා – දැ.ගැ.පි

Click to comment

උණුසුම් පුවත්

ඩුබායි යන්න ගිය අරගලකරු ගුවන් යානයේදී අත්අඩංගුවට !

පසුගිය දා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට බලහත්කාරයෙන් ඇතුළු වී සජීවී විකාශයකට එක්වූ ‘දනිස් අලි’ යන අය අත්අඩංගුවට ගෙන තිබේ. ගාලු මුවදොර අරගලකරුවන් සමඟ අරගලයේ යෙදී සිටි මොහු පසුගිය 13 වනදා රූපවාහිනී සංස්රථාවට බලහත්කාරයෙන් ඇතුළු වී එහි කාර්කයමණ්ඩලයට සහ වැඩසටහන් විකාශනයන් ට බාධා පමුණුවා ඇත.

ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කටුනායක ගුවන් තොටුපළෙන් ඩුබායි බලා විදේශ ගතවීමට ගුවන් යානයක් තුළ සිටියදී ය. රූපවාහිනී සංස්ථා ගොඩනැගිල්ලට බලහත්කාරයෙන් ඇතුළු වීම යන චෝදනාව මත ඔහුව මෙලෙස අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

Continue Reading

උණුසුම් පුවත්

රනිල්ට ඉන්දියාවෙන් විශේෂ ඇමතුමක්

පවතින දේශපාලන අස්ථාවරභාවය ඇති කිරීම කෙරෙහි චීන මැදිහත්වීම කෙසේහෝ නතර කර යුතු බවත් ඒ සඳහා RAW (ඉන්දීය බුද්ධි සේවය) වැඩබලන ජනාධිපතිවරයාට විශේෂ වාර්තාවක් එයේ ලබා දී ඇත. ඉන් අනතුරුව ඉන්දීය රජයේ ප්‍රභල අමාත්‍ය වරයෙක් වැඩ බලන ජනාධිපතිවරයා දුරකථනයෙන් අමතා සිය සහයෝගය ප්‍රකාශයට පත් කර ඇත. එලෙස පැවසු පරිදිම තොණ්ඩමන් ගේ පක්ෂයේ සහය රනිල් වික්‍රමසිංහ වෙත පල කරන බව අද නිවේදනය කර තිබුණි. වාර්තා වන පරිදි දෙමළ ජාතික සන්දානයේ බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් තම රහස් ඡන්දය වැඩබලන ජනාධිපතිවරයාට ලබා දීමට තීරණය කර ඇත. ඒ රියේ රාත්‍රියේ රනිල් වික්‍රමසිංහ මහතාව රහසිගතව හමුවීමෙන් පසුවයි.

Continue Reading

උණුසුම් පුවත්

බැසිල් රටින් යාම නාට්‍යක් ! ඒ අතරේ ගෝඨා හොරෙන්ම ඩුබායි ගිහින්.

එයේ රාත්‍රියේ ඇමරිකාව බලා පිටව යාමට අද (12) අළුයම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට පැමිණි බැසිල් රාජපක්ෂ මහතාට එහිදී දැඩි විරෝධයක් එල්ල වී ආපසු එම රාජපක්ෂ තිර පිටපතක් බව අප දේශපාලන වාර්තාකරු අණාවරණය කරයි.

සියලු දෙනාගේ අවධානය ඒ වෙත යොමු වෙද්දි. ගෝඨාභය හොර රහසේම රටින් පිට වී ඇති බව වාර්තා වේ. බැසිල් ගේ ගුවන් ටිකට් පත් සමාජ ජාලා වෙත මුදා හැර ඇත්තේ මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට බව වාර්තා වේ. බුද්ධි අංශ ප්‍රධානියා විසින් GREXIT මිෂන් එක බාරව කටයුතු කරමින් ඇත.

මෙලෙස ටිකට්පත් රාශියක් වෙන්කර ඇත්තේ විශාල සමාජ අවධානයක් ලබා ගැනීමට බව සැක සහිතය .

Continue Reading

Facebook

Advertisement

Updates

උණුසුම් පුවත්2 months ago

ඩුබායි යන්න ගිය අරගලකරු ගුවන් යානයේදී අත්අඩංගුවට !

පසුගිය දා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට බලහත්කාරයෙන් ඇතුළු වී සජීවී විකාශයකට එක්වූ ‘දනිස් අලි’ යන අය අත්අඩංගුවට ගෙන තිබේ. ගාලු...

උණුසුම් පුවත්2 months ago

රනිල්ට ඉන්දියාවෙන් විශේෂ ඇමතුමක්

පවතින දේශපාලන අස්ථාවරභාවය ඇති කිරීම කෙරෙහි චීන මැදිහත්වීම කෙසේහෝ නතර කර යුතු බවත් ඒ සඳහා RAW (ඉන්දීය බුද්ධි සේවය) වැඩබලන...

උණුසුම් පුවත්3 months ago

බැසිල් රටින් යාම නාට්‍යක් ! ඒ අතරේ ගෝඨා හොරෙන්ම ඩුබායි ගිහින්.

එයේ රාත්‍රියේ ඇමරිකාව බලා පිටව යාමට අද (12) අළුයම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට පැමිණි බැසිල් රාජපක්ෂ මහතාට එහිදී දැඩි...

උණුසුම් පුවත්3 months ago

අරලියගහ මන්දිරයත් ජනතාව යටතට!

විරෝධතාකරුවන් මේ වන විට අග්‍රාමාත්‍යවරයාගේ නිල නිවස වන අරලියගහ මන්දිරියට ඇතුළු වී ඇතැයි වාර්තා වේ. වාර්තාකරුවන් පවසන ආකාරයට විශාල පිරිසක්...

උණුසුම් පුවත්3 months ago

ගෝඨාභය ඉල්ලා අස්වෙයි!

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී ඇති බවට වාර්තා වේ.

උණුසුම් පුවත්3 months ago

කොළඹ රැය ගෙවන අන්තරේ!

අද දහවල් රොද බඳිමු – පන්නමු යන තේමාව යටතේ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය විරෝධතා පා ගමනකින් කොළඹ වෙත පැමිණියා....

Off Road3 months ago

ජපානයේ දීර්ඝතම අගමැති ධුරය දැරූ උරුමක්කරු!

ජපානයේ දීර්ඝතම අගමැති ධුරය දැරූ ෂින්සෝ අබේ ඔහුගේ විශේෂ විදේශ ප්‍රතිපත්තිය “ඇබෙනොමික්ස්” ලෙස ජනප්‍රිය වූ අතර එය ආර්ථික උපාය මාර්ගයන්...

උණුසුම් පුවත්3 months ago

ඉන්ධන පිරවුම්හලක ගින්නක් !

මහියංගනය හසලක ඉන්ධන පිරවුම්හලේ ගින්නක් ඇති වී ඇති බවට වාර්තා වේ.මේ සමබන්ධව හසලක පොලිසිය පැවසුවේ සවස ඉන්ධන පිරවුම්හල් ගොඩනැගිල්ලක ගින්නක්...

උණුසුම් පුවත්3 months ago

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හෙට දිනයේ ඉවත් වෙයි!

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා වූ සාකච්ඡාවලින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරන්නේ...

Off Road3 months ago

අරගලයට එජාප සහය!

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා විසින් ලිපියක් නිකුත් කරමින් දන්වා සිටින්නේ සාමකාමී අදහස් ප්‍රකාශ කිරීමට සහ නිදහස්...

Advertisement
Advertisement

Trending

Copyright © 2020 Lanka C News